සහරාන් හශීම් සමඟ ගනුදෙනු කළ සැකකරුවකු බන්ධනාගාරයට ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හශීම් යන අය සමඟ ගනුදෙනු කළ බවට බුද්ධි අංශ විසින් තොරතුරු සනාථ කළ සැකකරුවකු කටුපොත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මැයි මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද(30) නියම කළාය. 30 April 2019
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයන් 3 ක් අත්අඩංගුවට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් තිදෙනෙකු ගල්කිස්ස,රත්මලාන සහ වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. 30 April 2019
පොදු සමා කාලයේදී යුද හමුදාවේ 6000ක් ආපසු එති නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබු පොදු සමා කාලයේදී සාමාජිකයින් 6000 කට අධික සංඛ්‍යාවක් යුද හමුදා මූලස්ථානයට පැමිණ ඇතැයි මූලස්ථානය පවසයි. 30 April 2019
තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කරන ලද කණ්ඩායම ඉදිරියේදී තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද (30) ප්‍රකාශ කළාය. 30 April 2019
කල්මුණේ නිවස සහරාන්ට කුලියට දුන් පුද්ගලයා අත්අඩංගුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවූ අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ වොලිවේරියන් හි නිවස ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් වෙත කුලී පදනමට ලබාදුන් නිවසේ හිමිකරු අම්පාර කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද (30) අත්අඩංගුවට ගෙන ඇත. 30 April 2019
අනවසර අවි මඩින්න යෝජනා 8 ක් අනවසර ගිනි අවි සහ සුළු අවිවල බලපෑමෙන් සමාජය මුදාගැනීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වහා ගත යුතු පියවර අටක් රජයට යෝජනා කරමින් නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය නිවේදනයක් නිකුත් කර ඇත. 30 April 2019
‘ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත වෙනුවට තිබෙන පනතේ අඩුපාඩු සකසන්න’ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව පනත් ඉදිරිපත් කරනවා වෙනුවට තිබෙන පනතේ අඩුපාඩුකම් ඇත්නම් ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කර ත්‍රස්තවාදය මැඩලීමේ කටයුතු කඩිනම් කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ. 30 April 2019
වෙළඳසැලක වහලයේ සැඟවූ ඩෙටනේටර් 10 ක් සොයාගනී මන්නාරම අඩම්පන් පාලවිය ප්‍රදේශයේ වෙළඳසැළක වහලයේ තිබී ඩෙටනේටර් 10 ක් සමඟ මුස්ලිම් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 30 April 2019
සැලසිනේ‘ සුභ සාධක සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ් සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදලක් ලබාගෙන වංචා කළැයි ගත් එම සුභසාධක සංගමයේ හිටපු සභාපතිවරයා ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය. 30 April 2019
අම්පාර මහ රෝහලේ විරෝධතාවයක් අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරිවරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් අද (30) එම රෝහලේ කාර්යමණ්ඩලය නිහඬවිරෝධතාවයක නිරතවෙමින් වහාම එම ක්‍රියාමාර්ගය නතර කරන ලෙස රජයට බලකර සිටියහ. 30 April 2019
අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ හැරයාමට සැරසේ තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ටොකියෝ නගරයේදී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 30 April 2019
බැඳුම්කර නඩුව කල් යයි හ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව ලබන මස 29 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය. 30 April 2019
කඩු 11 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගිරිඋල්ල ,ගැටවත්ත,දීකිරිකෑව ප්‍රදේශයේ නිවසක් පිටුපස කුකුළු අපද්‍රව්‍ය ගැලිමට සලස්වා තිබු ගලියක් තුළ සඟවා තිබු කඩු 11 ක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 30 April 2019
පීවීසී බට තුළ සැඟවූ කඩු 2ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේ නිවසක් අසළ පීවීසී බටයක් තුළ ආරක්ෂිතව සඟවා තිබූ කඩු 2ක් සමඟ මාළු ව්‍යාපාරිකයකු අද(30) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 30 April 2019
අපොස නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2018 විභාගයට නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(30) පෙරවරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 30 April 2019
ටී 56 උණ්ඩ සමඟ නැ‘හිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් අත්අඩංගුවට කාත්තන්කුඩි නගරයේ ටෙලිකොම් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයක තිබී ටී පනස් හය ගිනි අවි උණ්ඩ 48 ක් සමඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්ය මණ්ඩලයේ යැයි පැවසෙන පුද්ගලයන් දෙදෙනකු සැක පිට අද(30) උදේ අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 30 April 2019
අගරදගුරුතුමෝ වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරති රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ. 30 April 2019
හමුදා නිල ඇඳුම් සමඟ මහවැලි ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට රංදෙනිගල - රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජාතිකයෙකු සතුව තිබී හමුදා නිල ඇඳුම් දෙකක් අත්අඩංගුවට ගත් බව හසලක පොලිසිය පවසයි. 30 April 2019
ප්‍රහාර ගැන සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව 6 වැනිදා ජනපතිට පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවේ පළමු වාර්තාව ලබන සඳුදා (6) දිනයේදී ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතය. 30 April 2019
සයින්දමරුදු පිපිරීමට බෝම්බ-පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ අයෙක් අත්අඩංගුවට කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් කැකිරාව ඉහළපුලියන් කුලම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 30 April 2019
උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් සැකකටයුතු පුද්ගලයින් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි. 30 April 2019
සහරාන්ගේ මාධ්‍ය ලේකම් රඳවා ප්‍රශ්න කරන්න අවසර මැදවච්චිය තල්ගස්වැවදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තවුහිත් ජමාත් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා බව කියන සැකකරු පැය 72 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක ප්‍රසන්න සමරසිංහ මහතා මැදවච්චචිය පොලිසියට නියෝග කළේය. 30 April 2019
සහ්රාන් බිරිඳ සොයාගත්තේ ඇගේ වයස පිරෙන්නත් කලින් ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මියගිය කණ්ඩායමේ නායකයා වන මෙහොමඞ් කාසීම් මොහොමඞ් සහ්රාන් සිය බිරිඳ තෝරාගත්තේ විවාහ වීම සඳහා ඇයගේ වයස සම්පූර්ණ වීමටත් කලින් බව සහ්රාන්ගේ මාමණ්ඩිය කියයි. සහ්රාන්ගේ බිරිඳ වන අම්බදුල් කාදර් ෆාතිමා සාදියා කල්මුණේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබ මේ වනවිට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. 30 April 2019
සැකකටයුතු පුද්ගලයින් 6 ක් වාරියපොලදී අත්අඩංගුවට වාරියපොල බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ අද (30) කළ සෝදිසි මෙහෙයුමකදී තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි. 30 April 2019
ජීව උණ්ඩ තිබූ පාර්සලයක් පුත්තලමේ වැවක් ළඟ පුත්තලම - විළුක වැව අසළ පාර්සලයක තිබූ ජීව උණ්ඩ තොගයක් සොයා ගත් බව පුත්තලම පොලීසිය කියයි. 30 April 2019
ශ්‍රී. ල. නි. ප මැයි දින සැමරුම හෙට පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙට (1) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 30 April 2019
අඩි 3ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට සිප්පුකුලම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදනය කර තිබූ අඩි 03ක් දිග කඩුවක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 30 April 2019
සහරාන්ගේ අනුගාමිකයෙක් කේරළයේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු ලෙස සැලෙකන අයෙක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තාවේ. 30 April 2019
නිට්ටඹුවෙන් පිස්තෝල උණ්ඩ 11ක් හමුවේ නිට්ටඹුව වඩුවෙගෙදර නිසලමාවතේ තිබී අද(30) පිස්තෝල උණ්ඩ 11ක් සොයා ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි. 30 April 2019
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැකකළ ලොරිය සොයාගනී පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල ප්‍රදේශයේ කළ මෙහෙයුමෙන් සැක කටයුතු ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි. 30 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026