යාපනයේ පල්ලියක තිබී හමුදා ජැකට්ටුවක් - පතුරොම් සොයාගනී යාපනය අල්ලයිපිඩ්ඩි පල්ලියක් තුළ තිබී යුද හමුදාව භාවිත කරනු ලබන ජැකට්ටුවක් හා යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළුන් භාවිත කරන ආකාරයේ ජල පුරවනයක් ඇතුළු භාණ්ඩ තොගයක් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ. 30 April 2019
අ’පුරෙන් ගිනි අවි කොටස් සහ පතුරොම් රැසක් සොයාගනී අනුරාධපුර ශ්‍රාවස්තිපුර නාග විහාරය ඉදිරිපිට වෙල්යායක දමා ගොස් තිබූ ගිනි අවි කොටස් සහ පතුරොම් රැසක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 30 April 2019
තවුහීත් ජමාත්හි තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට වැලිමඩ බොරගස් ප්‍රදේශයේ කළ සෝදිසියකදී නිවසක සඟවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් සමඟ ඊයේ ( 29) අත්අඩංගුවට ගත් පුද්ගලයා තවුහීත් ජමාත් සංවිධානයේ සමාජිකයකු බව අනාවරණය වී තිබේ. 30 April 2019
පාස්කු දා ප්‍රහාරය පළිගැනීමක් බව අයි එස් නායකයා කියයි සිරියාවේ බගූස්හිදී තම සහෝදරයන් මරුමුවට පත්වීමට පළිගැනීමක් ලෙස පාස්කු ඉරිදා යෙදී තිබුණු අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩ් වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 30 April 2019
සමාජ මාධ්‍ය තහනම ඉවතට වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ තහනම වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී. 30 April 2019
බදියුදීන්ගේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මන්නාරම නගරයේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙත තිබේ. 30 April 2019
බෝම්බ පිපිරවීමට ගන්නා සේවා නූල් තොගයක් වැලිමඩින් සොයාගනී වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ නිවසක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදා ගන්නා සේවා නූල් මීටර් 35 ක් සොයාගත් බව වැලිමඩ පොලිසිය පවසයි. 30 April 2019
ත්‍රස්තවාදී සබඳතා පැවැත්වී යැයි සැකපිට මුස්ලිම් පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට සිය ජංගම දුරකථනය තුළ, පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විවිධ වීඩියෝ සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිලේඛන ගබඩා කරමින්, වට්ස් ඈප් ගෲප් සමාජ ජාල ඔස්සේ ත්රස්තවාදීන් හා සබඳතා පැවැත්වූ බවට සැක සහිත මුස්ලිම් ජාතික පාසැල් ගුරුවරයෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 30 April 2019
හමුදා නිල ඇඳුම හා සමාන ඇඳුම් සමඟ අයෙක් අත්අඩංගුවට යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් 6 ක් සහ ජංගම දුරකථන අටක් සමග පාදුක්ක කුරුගල පරණ ඇදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 30 April 2019
යාපනයේ මුස්ලිම් හෝටලයක තිබී බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී වවුනියාව යාපනය මාර්ගයේ කනගරායම් කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් හෝටලයක් පිටුපස වළ දමා තිබු බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් ගොඩ ගෙන තිබේ. 30 April 2019
විදේශ ගමන් බලපත් 18 ක් - හැඳුනුම්පත් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත් 18 ක් සහ ජාතික හැඳුනුම්පත් 07 ක්ද සමඟ සැකපිට මඩොල්සීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු මැයි මස 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද (29) නියෝග කළේය. 29 April 2019
කටුපොත නිවසකින් කඩු 4 ක් - යුද හමුදා සපත්තු කුට්ටමක් සොයා ගනී වාරියපොල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ කටුපොත පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අද (29) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩු හතරක් සහ යුද හමුදාව පමණක් පරිහරණය කරන සපත්තු කුට්ටමක් කටුපොත අලහිටියාව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් සුඛෝපභෝගී නිවසක් තුළ තිබී සොයාගෙන තිබේ. 29 April 2019
කෝට්ටේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී හාජා මොහිදින් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා තියුණු ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ අද (29) අත් අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 29 April 2019
2017 දී දැනුම් දුන් තුර්කි ත්රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ‘ලංකාදීපය’ යට පැවැසීය. 29 April 2019
ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ සමාජිකයෝ 3 ක් අත්අඩංගුවට තහනමට ලක් කරන ලද ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියා කාරී සාමාජිකයන් ලෙස සිටී ඉංජිනේරුවරයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අද (29) දෙහිවලදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 29 April 2019
පාසල් නිල ඇඳුම් වව්චර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ පළමු ශ්‍රේණියේ සිසුන්ට ලබාදුන් පාසල් නිල ඇඳුම් වව්චර්වල කාලය නැවත වතාවක් මැයි මස 31 වැනිදින දක්වා දීර්ඝ කර තිබේ. 29 April 2019
තවුහිත් ජමාත් සංවිධානයේ 2 ක් ආමර් වීදියේදී අත්අඩංගුවට තවුහිත් ජමාත් සංවිධානයේ මතවාදය ප්‍රචාරණය කිරීම සඳහා සකසා තිබූ සංයුක්ත තැටි තුනක්,විදේශ ගමන් බලපත්‍ර පහක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආමර් වීදිය පොලිසිය පවසයි. 29 April 2019
බෝම්බ පිපිරීම්වලට සැක 69 දෙනෙකු සීඅයිඩී සහ ටීඅයිඩී අත්අඩංගුවේ පාස්කු දින සිදුවූ පිපිරීම්වලට ආදාලව සැකකරුවන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්රස්තාවාදී විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 29 April 2019
පොලිස්පති ඉවත් කරන්න පොලිස් කොමිසමට බලයක් නෑ පොලිස්පතිවරයා ඉවත් කිරීම හෝ ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට හෝ පොලිස් කොමිසන් සභාවට බලයක් නැතැයි එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 29 April 2019
ත්‍රිවිධ හමුදා - පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථාන ස්ථාපනය කෙරෙයි බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව අද (29) යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත. 29 April 2019
කුලියාපිටිය සම්බන්ධීකාරකත් අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කුලියාපිටිය ප්‍රදේශයේ සම්බන්ධීකාරක අද (29) බස්නාහිර බුද්ධි කොට්ඨාසය හා දුම්මලසුරිය පොලිසිය එක්ව ඇතුන්ගහකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 29 April 2019
කොටහේන නිවසකින් ත්‍රස්ත මතවාද ඇතුළත් සී ඩී තොගයක් සොයා ගනී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගෙන නිවසක් කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් සොයා ගත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් එහි තිබී අයි.එස්.අයි.එස්. ත්රස්ත්රවාදීන්ගේ මතවාද අඩංගු සී.ඩී. තැටි ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. 29 April 2019
රයිෆල් - කඩු සමඟ 5 ක් අත්අඩංගුවට ගුවන් හමුදාව ගත වු පැය 24 පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් රයිෆල් ගිනි අවියක්, කඩු 6 ක්, කිනිසි 4 ක්, වායු රයිෆලයක් සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන් හමුදාව කියයි. 29 April 2019
වැලිමඩ නිවසකින් කෝටි එකහමාරක මුදලක් සොයාගනී වැලිමඩ බොරගස් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් නිවසක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ලෙස සඟවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් අද (29) සොයා ගත් බව පොලිසිය කියයි. 29 April 2019
බෝම්බ පිපිරීම්වලින් විදේශිකයෝ 12 ක් අතුරුදන් කොළඹ හෝටල් පරිශ්‍රවල හා වෙනත් ස්ථානවල ඉකුත් 21 වැනිදා සිදු වූ බෝම්බ පිපිරීම්වලින් විදේශිකයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (29) නිවේදනය කළේය. 29 April 2019
කිතුනු දේවස්ථාන වල ලබන ඉරිදා සිට දේව මෙහෙයන් පැවැත්වේ කිතුනු දේවස්ථාන තුළ ලබන ඉරිදා සිට දේව මෙහෙයන් සිදුකරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 29 April 2019
සහරාන් සමඟ සබඳකම් පැවැත්වූ අයෙක් අත්අඩංගුවට ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වමින් එහි නායක මොහොමඩ් සහරාන් හෂින්ගේ දේශණ ඇතුළත් සංයුක්ත තැටි 23ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අද (29) කන්තලේ දී අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි. 29 April 2019
චවලකඩේ පිපිරීමෙන් මියගිය අය අතර පොලිසියට අවශ්‍ය දෙදෙනෙකුත් කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ දී ඉකුත් 26 දින රාති‍්‍රයේ නිවසක් තුළ බෝම්බ පුපුරවාගෙන මියගිය කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු සොයමින් සිටි සැකකරුවකු හා සැකකාරියක් සිටින බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 29 April 2019
යුදගනාවේදී විදේශිකයෝ 4 ක් සැකපිට අත්අඩංගුවට මැදිරිගිරිය පොලිස් නිලධාරීන් විසින් යුදගනාව වයි හන්දිය මර්ග බාදකයේදී සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී බංගලාදේශ පුද්ගලයින් හතර දෙනෙකු සහ ලාංකික පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 29 April 2019
වීසා නැතිව ආගමික පාසල්වල සිටින විදේශිකයන් පිටමං කෙරේ වීසා බලපත් නොමැතිව මෙරට ආගමික පාසල්වල සේවය කරන සියලු විදේශිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටින් පිටමං කිරිමට රජය තීරණය කර තිබේ. 29 April 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026