තවුහිත් ජමාත් කොළඹ සංවිධායක තවදුරටත් රිමාන්ඩ් ජාතික තවිහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 02 May 2019
සියලු පාසල් 6 වැනිදා ඇරඹේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දෙවන වාරය සදහා සියලු පාසල් ලබන සදුදා (06) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය. 02 May 2019
ඩ්‍රෝන කැමරාවක් සමඟ අයෙක් අත්අඩංගුවට මන්නාරම, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි. 02 May 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 May 2019
ලක්ෂ 50ක දියමන්තියක් සොරාගත් චීන ජාතිකයකු අත්අඩංගුවට කොල්ලුපිටිය මුහුදු මාවතේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 50ක දියමන්තියක් සොරාගෙන මෙරටින් පලායාමට උත්සාහ කළ චීන ජාතිකයකු අද(02) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 02 May 2019
සහරාන් සමඟ ඡායාරූප ගත් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 02 May 2019
කිලිනොච්චියේ කසළ ගොඩක තිබූ කාලතුවක්කු උණ්ඩයක් පුපුරවා හැරේ කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසළ ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාව විසින් ආරක්ෂිතව පුපුරවා හැර ඇත. 02 May 2019
කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 02 May 2019
කිලිනොච්චියේ පාලමක් අසළ අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය. 02 May 2019
එම්.සී.සී. සභාපති පදවිය සංගක්කාරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය. 02 May 2019
සහරාන්ගේ බාල සොහොයුරිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය කාත්තන්කුඩි ප්‍රදේශයේදී අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2019
ලක්ෂ 40 ක මත්පෙති ආදුරුප්පුවීදියෙන් සොයාගනී කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයෙන් කොළඹට මත් පෙති බෙදාහරින ගබඩාවක් අද (01) වටලා තිබේ. 01 May 2019
අයිඑස් සමාජිකයෙකු ඩ්‍රෝන කැමරාවක් සමඟ අත්අඩංගුවට මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඞ් සහරාන් ගේ හා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි තුනක් සහ අනවසරයෙන් ලඟ තබාගත් ඩ්‍රෝන කැමරාවක් සමඟ අයි එස් අයි එස් සාමාජිකයකු බවට සැකකරන තරුණයකු අද (01) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පෙලිසිය කියයි. 01 May 2019
විජයදාස හෙට සාක්කි දෙයි මහපොළ භාරකාර අරමුදලේ රුපියල් කෝටි 2300ක මුදලක් අවභාවිත කර ඇතැයි පවසමින් වත්මන් රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා හෙට (02) එම කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දීමට නියමිතය. 01 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ති‍්‍රපුද්ගල වාර්තාව ජනපතිට පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 01 May 2019
තව්හිද් ජමාත් සංවිධානයේ නිලධාරීන් 3 ක් අත්අඩංගුවට තව්හිද් ජමාත් සංවිධානයේ දෙල්තොට ගලහ ප්‍රදේශය භාරව කටයුතු කළ සංවිධායක, ලේකම් හා උප ලේකම් යන තිදෙනා අද (01) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. 01 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 4 ක් මරුට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන ජාතික විද්‍යාඥයන් සිවුදෙනකු මියගොස් ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. 01 May 2019
මිනිස් බෝම්බ 9 ක වතගොත දින පාස්කු දා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට ඇතුලූ ස්ථාන 8 ක එල්ල වු මරාගෙන මැරෙන බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරතුරු සහ ඔවුන්ගේ සමීපතමයන් රැසකගේ තොරතුරු හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 May 2019
පොහොර උරයක තිබී කඩු 5 ක් සොයාගනී පොහොර උරයක බහා තිබූ කඩු පහක් මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී අද (01) හමු වූ බව මාලිගාවත්ත පොලිසිය කියයි. 01 May 2019
පාස්කුදා ප්‍රහාරයේ ත්රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට යයි පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප්‍රහාර 8 ක් එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 May 2019
මාතරදී අත්අඩංගුවට පත් මෞලවිවරයා ඇප මත නිදහස් මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ අද (01) දවසපුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කුඩා පල්ලියක තිබී ජිහාඩ් සඟරා දෙකක් සමඟ එහි මෞලවිවරයා අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 01 May 2019
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් පැසසුම් සිවිල් වැසියන් 253කට මරු කැඳවමින් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බප්රහාරය හමුවේ දැඩි ලෙස කම්පාවට පත්වූ පිරිස් අතර නිරන්තරයෙන් ශ්‍රී ලංකාව පිළිබද විවේචන කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද සිටී. 01 May 2019
බෝම්බ ප්‍රහාරය ගැන කමිටු වාර්තාව ලැබෙයි පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන පත්කළ කමිටුවේ අතුරු වාර්තා තමා වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෙට (2) ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ එක්ව අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2019
කල්මුණේට අදත් ඇදිරිනීතිය කල්මුණේ , සමන්තුරේ සහ චවලකඩේ යන ප්‍රදේශයන්ට අද (01) රාත්‍රි 9 සිට හෙට (02) අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි. 01 May 2019
තවුහීත් ජමාත්හි වැල්ලව ශාඛාවේ සභාපති සමඟ 14ක් අල්ලයි කුරුණෑගල වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් හදිරවලාන මුස්ලිම් ගම්මානයේදී ශ්‍රී ලංකා තවුහීත් ජමාත් සංවිධානයේ වැල්ලව ශාඛාවේ සභාපතිවරයා සමඟ පුද්ගලයන් 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය. 01 May 2019
සිවුරු - හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයාගනී කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ්රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි. 01 May 2019
සංචාරක හෝටලයක තිබූ ඩ්‍රෝන කැමරා 3ක් පොලිස් බාරයට බණ්ඩාරවෙල පල්ලෙවෙල පනංගල ප්‍රදේශයේ කටාර් ජාතිකයෙකුට අයත් සංචාරක හෝටලක තිබී ඩ්‍රෝන කැමරා තුනක් අද (1) පොලිස් බාරයට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 01 May 2019
බුර්කාව තහනම් කරන්නැයි ඉන්දීය සංවිධානයක් මෝදිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව අනුගමනය කරමින් නිකාබය සහ බුර්කාව තහනම් කරන්නැයි ඉන්දියාවේ ෂිව් සේනා සංවිධානය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත. 01 May 2019
අනන්‍යතාවය තහවුරු කළ නොහැකි වූ මුස්ලිම් ජාතිකයෝ 31ක් අත්අඩංගුවට අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු මුස්ලිම් ජාතිකයන් 31 දෙනෙකු හා සැක සහිත වාහන කිහිපයක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 01 May 2019
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා 10 දක්වා රිමාන්ඩ් ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු බව කියන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහ්රාන් නැමැත්තා සමඟ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන මැරුණු බෝම්බකරුවකු වූ මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ්ගේ වැඩිමහලු සහෝදරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය නියෝග කළාය. 01 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026