(විනීතා එම්. ගමගේ)
කොරෝනා මර්දනයට ජපානයේ භාවිතා වන ‘ඇවිගන්‘ නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු ද නැද්ද යන්න ගැන වෛද්‍යවරු හෙට (22 වැනිදා) දන්වනු ඇතැයි කොරෝනා මැඩලීම පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
ඇය උගුර, කන සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි.
එම ඖෂධය පිලිබඳව රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවද ඇය කීවාය.
වෛද්‍ය නිර්දේශ අනුව අදාළ ඖෂධය ශ්‍රී ලංකාවේදී භාවිතා කරනවාද නැද්ද යන්න තීරණය කරන බව ද අරඹෙපොල මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණ ගන්න හෙට වෙනකන් කල් දාන්නේ ජනතාව ගැන හිතලා අදම වැඩ කරොත් හොඳයි නේද.?
මේක දැකලා ජපන්නුන්ට නින්දයන්නේ නැතිලු. මොකද මේ ඔක්කොම ණයට යන ඕඩරයක් නිසා.