(විනීතා එම්. ගමගේ)
කොරෝනා මර්දනයට ජපානයේ භාවිතා වන ‘ඇවිගන්‘ නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු ද නැද්ද යන්න ගැන වෛද්‍යවරු හෙට (22 වැනිදා) දන්වනු ඇතැයි කොරෝනා මැඩලීම පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
ඇය උගුර, කන සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි.
එම ඖෂධය පිලිබඳව රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවද ඇය කීවාය.
වෛද්‍ය නිර්දේශ අනුව අදාළ ඖෂධය ශ්‍රී ලංකාවේදී භාවිතා කරනවාද නැද්ද යන්න තීරණය කරන බව ද අරඹෙපොල මහත්මිය කීවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මර්දනයට ‘ඇවිගන්‘ යොදාගැනීමේ තීරණය හෙට
indika Saturday, 21 March 2020 01:51 PM
තීරණ ගන්න හෙට වෙනකන් කල් දාන්නේ ජනතාව ගැන හිතලා අදම වැඩ කරොත් හොඳයි නේද.?
chandima Saturday, 21 March 2020 02:42 PM
මේක දැකලා ජපන්නුන්ට නින්දයන්නේ නැතිලු. මොකද මේ ඔක්කොම ණයට යන ඕඩරයක් නිසා.