රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තව දුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් ලබන 30වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(20) නියෝග කළේය. 20 December 2019
ෂානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් හිටපු රහස් පොලිස් අධ්යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 20 December 2019
වාරියපොළ බන්ධනාගාර වාට්ටුවක වෙඩි තැබීමකින් රැඳවියෙක් රෝහලේ කුරුණැගල වාරියපොල බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් රැදවියකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වෙඩි තැබීම කළ රැඳවියා මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පැවසීය. 20 December 2019
මධ්‍යම කඳුකරයේ මාර්ග බොහෝමයක් මීදුමෙන් වැහෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අද (20) ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත. 20 December 2019
නත්තල් දා සුරාසැල් වහයි නත්තල් උත්සවය යෙදෙන ලබන 25 වැනි දා සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.පී.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. 20 December 2019
වැලිමඩ - බණ්ඩාරවෙළ මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව සමඟ වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයට මිරහවත්ත ප්‍රදේශයේදී අද (20) දහවල් පස් කන්දකක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 20 December 2019
නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට අවවාද තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ. 20 December 2019
ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක් එයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව ස්විස් විදේශ දෙපාර්තමේන්තුව අද (20) සදහන් කළේය. 20 December 2019
රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්රභා කෙරේ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේකෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්රභා කළාය. 20 December 2019
අධිවේගී මඟේ ගිය වෑන් රියක ගැටී පුද්ගලයෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 31 දොඩංගොඩ අක්කර 20 ප්‍රදේශයේ පාගමනින් ගමන් ගත් නාදුනන පුද්ගලයකු අද (20) සුඛෝපභෝගී වෑන් රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලිසිය පවසයි. 20 December 2019
විදේශ සේවා ප්‍රධානීන්ගේ ඉල්ලීමට බෑ කියයි දේශපාලන හිතවත්කම් මත විදේශ සේවය සඳහා බඳවාගන්නා ලද නිලධාරීන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැඩිපුර කල් ඉල්ලා සිටියද රජය ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ. 20 December 2019
මාලදිවයිනේ රඳවා සිටි ලාංකික ධීවරයන් නිදහස් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්ඩංගුවට ගෙන මාලදිවයිනේ රඳවා සිටි ශ්‍රී ලංකාවේ ධීවරයන් අටදෙනෙකු නිදහස් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. 20 December 2019
උඩරට දුම්රිය ධාවනය යථා තත්වයට බණ්ඩාරවෙල දියතලාව අතර ඕබඩ ඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩා වැටුණු දැවැන්ත පස් කන්ද ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 20 December 2019
‘වැස්ස අඩු වෙනකල් රිවස්ටන් යන්න එපා ‘ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතලේ රිවස්ටන් මාර්ගය භාවිත නොකරන ලෙසට රත්තොට පොලිසිය මහජනතාව දැනුම් දෙයි . 20 December 2019
මහවැලි ගඟ පිටාරගැලීමෙන් සෝමාවතිය ප්‍රධාන මාර්ගය යටවෙයි අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් අද(20) ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි. 20 December 2019
පස් කඳු කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ඕබඩඇල්ල ප්‍රදේශයේදී අද (20)අලුයම දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 20 December 2019
ඇල්ල සංචාරක නැවතුම්පළක් නායයයි - සංචාරකයන් 3ක් රෝහලේ ඇල්ල ප්‍රදේශයේ විදේශීය සංචාරකයන්ගේ නවාතැන්පළකට අද(20) අලුයම පස්කන්දක් කඩාවැටීමෙන් සංචාරකකයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය කියයි. 20 December 2019
පී. එස්. එම්. චාල්ස් උතුරේ ආණ්ඩුකාර පුටුවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි වාර්තා වේ. 19 December 2019
‘‘නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබා දෙන්න‘‘ නත්තල් දින රාත්‍රීයේ සහ නත්තල් දින පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සෑම දේවස්ථානයකටම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ අද (19) පැවසූහ. 19 December 2019
සුදුසු ඇපයක් මත මුදාහරින්න’යි රාජිතගෙන් ඇප අයැදුම්පතක් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බැවින් තමන් සුදුසු ඇපයක් සහිතව මුදාහරින්නැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අපේක්ෂිත ඇප අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ. 19 December 2019
කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වනජීවියෙන් නතර කරයි ඉදිකිරීම් ආරම්භ කර ඇති කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ගම්පහ - දාරළුව ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික ‘කෲඩියා සෙලනිකා‘ නම් ශාකය හමුවීමත් සමඟ එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවන ලෙස මාර්ගය සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2019
එජාපෙ පුළුල් සන්ධානය ජනවාරි මුල්සතියේ මහමැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීම ජනවාරි මස මුල් සතියේදී සිදුකෙරේ. 19 December 2019
ගානියාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ ගන්න අවසර දෙන්නැයි නියෝග ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 19 December 2019
‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක්‘ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) ප්‍රකාශ කළේය. 19 December 2019
ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස් කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියෝග කළේය. 19 December 2019
අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකන විදුහල්පතිවරියක් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට එකම පාසලේ සේවය කළ හැකි උපරිම කාලසීමවක් තිබුණ ද කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක විදුහල්පතිවරියක් එම නීතිය උල්ලංඝණය කරමින් එම පාසලේ රැඳී සිටින බව වාර්තා වේ. 19 December 2019
‘පාඨලී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නෙවෙයි’ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ නීතියට අනුව මිස දේශපාලන පළිගැනීමක් සඳහා නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 December 2019
මංජුල පෙරේරාට ඇප ලේක්හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදුන්නැයි අත්අඩංගුවට ගත් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(19) නියෝග කළාය. 19 December 2019
මුෂාරෆ් මියගියොත් සිරුර දින 3 ක් එල්ලා තබන්නැයි නියෝග මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතා මියගියේ නම්, ඔහුගේ මළ සිරුර පාර්ලිමේන්තුව ඉදිරිපිට දින තුනක් එල්ලා තබන්නැයි පාකිස්තානු විශේෂ අධිකරණය අද (19) නියෝග කර ඇත. 19 December 2019
ගාල්ල පැරණි තැපැල් කාර්යාලය කඩා ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ගාල්ල පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටිමෙන් පසු තවත් කොටස් කඩාවැටි මහජනයා හිරිහැරයට පත්විමේ අවදානමක් පවතින නිසා එම අනතුරුදායක කොටස් ජනවාරි (6) වන දිනට හෝ එදිනට පෙර ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට,ගාලු උරුමය පදනමට සහ තැපැල් දෙපාර්තමේන්තුවට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (19) කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. 19 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026