
(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (19) පැවසීය.
කොරෝනා හේතුවෙන් ගම්බිම් බලා ගිය බස් රථ සේවකයන් යළි සේවයට වාර්තා නොකිරීම සහ බස් රථවල ආදායම අඩුවීම හේතුවෙන් බස් රථ සේවකයන් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හෝ ප්රවාහන අධිකාරියේ පුහුණුවකින් පසු බස්රථ සේවකයන් බඳවා ගන්නා බැවින් හදිස්සියේ බස් රථ සේවකයන් සේවයට බදවා ගැනීම ගැටලුවක් වී ඇතැයි ද විජේරත්න මහතා පැවසීය.
කොරෝනා වසංගතයෙන් පසුව බස් රථ වල ආදායම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් ඉදිරියේ දී මෙම ගැටලුව විසඳෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන් ගන්නද හදන්නේ ආපහු වර්ජනයක්..? මම කියන්නේ දෙන්ඩ ඕනෑ හතර හන්දි කැඩෙන්ඩ... අහිංසක මිනිස්සු හැමදාම තැලුවා...
සේවකයන් හිඟ වෙන්න ප්රධානම හේතුව තමයි පෙර කාලයේ පොල් පටවන්නා සේ, වවුලන් එල්ලන් යන්නා සේ මගීන් පටවාගෙන ගොස් අයුතු ආදායම් ලැබීම නැතිවීම නිසා බස් සේවකයන් අඩු ආදායම් ලබනවිට පැමිණීමට දැඩි අකමැත්තක් දැක්වීම... දැන් දැන් නැවතත් එම තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා. ඒකයි ආදායම වැඩිවෙමින් තිබෙනවා කියා බස්ගැමුණු මහතා කියන්නේ.. ඔවුන්ගේ ආදායම ප්රමාණයට වඩා වැඩිවෙනවා කියන්නේ නැවතත් මඟී ජනතාව පීඩාවට පත්වී ගෙන එනවා කියන එක නොවේද? කෝ ඇමතිතුමා කියූ දේවල් දැන්දැන් වෙනස් වෙනවා වගේ පේන්නේ. සීට් ගණනට මගින් ගෙන යා යුතු බව එතුමා පැවසුවත් ඒ තත්ත්වය වෙනස් වේගෙන තමයි දැන් එන්නේ...
ලංකාවේ මිනිස්සු ණය වෙලා හරි බයික් කට්ටක්, කාර් කට්ටක් ගන්නේ මේ අයගේ කසිකබල් බස්වල ගමන එපා වුණ නිසා කාලයක් තිස්සේ... වාහන තදබදය වැඩි මේ හේතුව නිසා... මේ ලොරි බොඩි ගහපු ලේලන්ඩ් ටාටා කර්මාන්තේ නැතිවෙලාම යන තරමට හොඳයි. කලින් හිටපු ඇමැති පම්පෝරි ගැහුවා... සෙමි ලක්ෂරි නැතිකරන්න.. බයිලා සින්දු නවත්තන්න. කෝ නැවතුණාද?
වෘත්තියේ ගරුත්වය නැතිව වැඩකළාම මිනිස්සු අයින් වෙන එක අහන්නෙ දෙයක් නොවේ... මී හරක් වගේ පාරේ යන්නේ...
දිනපතාම බස් රථවල ගමන් කරන රට වැසියෙකු හැටියට තිබෙන එකම අත්දැකීම නම්, සක්කර දෙවියන්ටවත් මේ රටේ ප්රවාහන ප්රශ්නය විසඳීමට නොහැකි බවයි! - මේ රට රට වැසියාට උරුම කරපු දුකක්, පීඩාවක් හැටියට සිතා සිත සැහැල්ලු කරගනිමි!