
(මහේෂ් කිර්තිරත්න)
නකල්ස් සංචාරක කලාපය ආශ්‍රිතව දර්ශන පථ දෙකක් ඉදිකිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනී.
යෝජිත දර්ශන පථ රිවස්ටන් කපොල්ල සහ ගෝණමඩවත්ත 28 වැනි කිලෝමීටරය ආසන්නයේ ඉදිකිරීමට නියමිතව තිබේ. මෙම ඉදිකිරීම් සඳහා මහවැලි සංවර්ධන අධිකාරියේ ද සහය ලබා ගැනීමට නියමිතය.
නක්ලස් පරිසරයේ සුන්දරත්වය පියවි ඇසින් තවදුරටත් විද ගැනීමට නක්ලස් කලාපයට පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.
පරිසර සංවිධාන කිහිපයක්ම මෙම දර්ශන පථ ඉදිකිරීම පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පා... එහෙ ගස් කීයක් කැපෙයිද දන්නේ නැහැ. නකල්ස් රක්ෂිතයත් ඉවර කරන්නද කොහේද? පස්සෙ කියන්නකෝ වතුර නැහැ... රස්නෙ වැඩියි කියලා...
ඉතාමත්ම හොඳ තීරණයක්... මෙහිදී පරිසරයට වන හානිය හැකිතාක් දුරට අවමකර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේවා යන්න අපගේ පැතුම මෙන්ම බලාපොරොත්තුවයි.