
( තිළිණි ද සිල්වා )
මොරිෂස් දුපත ආසන්නයේ දී මීට සති කිහිපයකට පෙර කොරල් පරයක ගැටීමෙන් අනතුරට ලක්වීම සම්බන්ධයේ ජපන් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික නැවියකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
එම ලාංකිකයා සමඟ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයකු ද මොරිෂස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ජපාන සමාගමකට අයත් මෙම නෞකාව සිදු කළ අනතුරෙන් , මංකොල්ලකෑම සහ සමුද්‍රීය ප්‍රචණ්ඩත්වය සිදු කර ඇතැයි යන චෝදනාව යටතේ ලාංකික හා ඉන්දීය ජාතික නැවියන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද මොරිෂස් පොලිසිය සඳහන් කරයි.
පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික නැවියන් දෙදෙනා ලබන 25 වැනිදා මොරිෂස් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එම අනතුරෙන් සතියකට පසුව නෞකාවේ තිබු ඉන්ධන ටොන් 1000ක් පමණ ප්‍රමාණයක් සාගරයට කාන්දු වීමෙන් මේවන විට මොරිෂ්ස් දූපත් වලට අයත් සාගරයේ පාරිසරික ගැටළු රැසක් මතුවී තිබෙන අතර එහි කොරල්පරවල ජෛව විවිධත්ත්වය බරපතල හානි සිදුවී තිබෙන බවද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මෙම නෞකාව සිංගප්පුරුවේ සිට බ්‍රසීලය බලා ගමන් කරමින් තිබු බවට වාර්තා වී ඇති නමුත් මේ අයුරින් ගොඩබිමට ආසන්නයෙන් ගමන් කිරිමට හේතුව කුමක්ද යන්න තහවුරු කර ගැනීමට මොරිෂස් පොලිස් නිලධාරින් කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක්ගේ උපන්දින සාදයක් තිබිලා. වයිෆයි ලබාගන්න ගොඩබිම ආසන්නයට නැව ගෙනැල්ලා, නියමිත මාර්ගයට බැහැරව... එහෙමයි ජපානයේ ප්රවෘත්ති වල සඳහන් කරලා තියෙන්නේ...
මේවගේ නිලතලවලට පත්වෙන්න ඕනේ හොඳ හික්මීමක් සහිත උසස් ගුණාත්මකකමක් ඇති පාඨපාලාවක් හදාරපු නැවියන්.. එහෙම නැතිව මුදලට ඔහේ පාඨමාලාවේ සහතික දුන්නාම ඔහොම වෙනවා. ඔය ලංකාවේ තියෙන පාඨමාලාවේ වුණත් ගුණාත්මකකම පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම විනය ඇතිකරන්න ඕනේ..