
(විනීතා එම් ගමගේ)
ජපානයට පුහුණු ශ්‍රමිකයන් යැවීමේ දී මෙරට අඩු ආදායම් පවුල් හා සමෘද්ධි පවුල්වල සාමාජිකයන්ට වෙනම ප්‍රතිශතයක් ලබා දිය යුතු යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින්ට අද (19) උපදෙස් දුන්නේය.
ජපානයේ රැකියා සඳහා යාමට අවශ්‍ය වන මුදල් නොමැතිකමෙන් අඩු ආදායම් ලාභී පවුල්වල සාමාජිකයන්ට එම අවස්ථාව අහිමි වන බවත් ආර්ථික වශයෙන් නගා සිටුවිය යුතු පවුල්වල සාමාජිකයන් සඳහා රැකියාවලින් යම් ප්‍රතිශතයක් වෙන්කර ඔවුන් යැවිය යුතු බවත් කියා සිටියේය.
මෙය රාජ්‍ය අංශයෙන් පමණක් නොව පෞද්ගලික අංශයෙන් ද සිදුකළ යුතු බව කී ඔහු ඉදිරියේ ජපානයේ රැකියා සඳහා යන්නන්ගෙන් මුදල් අයකිරීම ඉදිරියේදී නැවැත්වීමට සිදුවන බව ද පැවසීය.
රැකියා සඳහා මුදල් අයකිරීම ජාත්‍යන්තර කම්කරු සංගමයේ නීති සංග්‍රහයට පටහැනි බව එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රැකියා ලාභීන් පුහුණු කිරීම රජයෙන් කර දිය හැකි බවත් එසේ වුවද මුදල් අයකිරීමට ඉඩ නැතිවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
ජපන් රැකියා සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන් සමග කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අයි එම් ජැපෑන් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සාමාන්‍යධිකාරි හිතෝකා කවහාරා මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ වැඩි පිරිසකට රැකියා දීමට ජපානය සූදානම් බැවින් ඒ සඳහා එරට රැකියා ඉල්ලුමට සරිලන පුහුණු වීම් ලබා දී භාෂා නිපුණත්වය ඇති කළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයට යන්න ඉස්සරවෙලා, මැදපෙරදිග අතරමංවෙලා ඉන්න මිනිස්සු ටික ගෙන්වාගන්න බලන්න.
ඕක විතරක් මදි.. සර් ඒ පවුල අඩුම තරමින් එක සාමාජිකයෙකුටවත් අඩු තරමින් මැදපෙරදිග යන්න පුළුවන් විදිහට රස්සා පුහුණුවක් දීලා පිටරට යැව්වා නම් සමෘද්ධි ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා.
මැද පෙරදිග එතරම්වෙලා ඉන්න පිරිස අතරින් අවශ්‍ය සුදුසුකම් සපුරලා තිබෙන පුද්ගලයන් කෙළින්ම මැද පෙරදිග සිට ජපානයට යවන්න පුළුවන් නේද? මම නම් හිතන්නේ මේ ජපන් කතාව බොරුවක්... මේ කොරෝනා කරදර අස්සේ ජපානෙත් ලක්ෂ ගණනාවකට රැකියා අහිමි වෙලා තිබෙන කොට... ලංකාවෙන් රැකියාවලට අලුතින් පුද්ගලයින් එවන්න කියාවිද? මෙහෙම ඇබෑර්තු තිබෙනවා නම් දේශපාලකයෝ ඒවා පත්තරවල දමමින් සිටින්නේ නැහැ.
ජපන් යවන්න කුට්ටිය කීයක් විය හැකිද?