
(හර්ෂණ තුෂාර සිල්වා)
මෙරට ජනතාවගේ අභිලාෂ ප්‍රතිමූර්තිමත් කරන දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ ඉලක්කය යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (19) පැවැසීය.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව කීවේය. කොළඹ, නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව තුළ සංවාදයක් ඇති විය යුතු බවත් එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ඒ සඳහා ජනතාවගෙන් අදහස් ලබාගන්නා බවත් අමාත්‍ය ගම්මන්පිල මහතා කීය.
රාජ්‍ය නොවන සංවිධාන නිර්මාණය කරන, විදේශවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ආකෘති දෙස බලා නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගීම ආණ්ඩුවේ ඉලක්කය යැයි ද ඔහු කීවේය.
දහනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රට තුළ දැවන්ත අර්බුදයක් නිර්මාණය කළ බව එය නිර්මාණය කළ අය පවා මේ වනවිට පිළිගෙන ඇතැයි ද එබැවින් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ එම අවුල විසඳීමට යැයි ද හෙතෙම කීය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කෙරෙන්නේ අධිකරණ අමාත්‍යාංශයෙන් බවත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් රාමුවක් අධිකරණ අමාත්‍යවරයාට දුන් බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට 19ට කළින් සම්මත කරපු ව්‍යවස්ථා අධිරාජ්‍යවාදී ඒවාද?
මෙන්න ඇමති හොරු සීයක්, දෙසීයක් ඉටුකරපු තව ලොකු අභිලාශයක්...,
තමන්ගේ ලියකියවිලිවල හරියට දිනයක්, ලිපිනයක් ලියාගන්න බැරි... ඔහේ, කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ..? ඕවා හරියන මගුල් නෙවෙයි.
අපි දන්නේ නැද්ද මේ මහත්වරුන්ගේ අභිලාෂය පිටරට පුරවැසිකම් තියෙන අය බේරගන්න එක විතරයි කියලා...
ජනතාවගේ නොවෙයි.. "මිලියන 68ක් ඡන්දයෙන් බලයට පත්වූ මහජන නියෝජිතයින්ගේ, ඔවුන්ගේ පවුල්වල සහ හිත මිතුරන්, බිලියන-මිලියන ගණනින් මූල්‍යමය සහයෝගය ලබාදුන් ව්‍යාපාරිකයින්ගේ අභිලාශයන් ඉටු කිරීම" මූලික පරමාර්ථයයි. ඒ වගේම ඉදිරි මැතිවරණයකින් පරාජය වුවහොත්, රිමාන්ඩ් හෝ බන්ධනාගාරගතවීම වළක්වාගැනීම සඳහා අවශ්‍ය නීතිද සම්පාදනය කරගත යුතුව ඇත...