
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ලබන සතියේදී තෙදින වැඩමුළුවක් පැවැත්වීමට ආණ්ඩුපක්ෂය තීරණය කර ඇත.
එම වැඩමුළුව ලබන 25 , 26 සහ 27 යන දින තුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පස්වරුවේ පැවැති අණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීමේදී මේ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ... තරගයෙන් තේරුණු සියලුම මහජන නියෝජිතයන්ට "අප කිසිවිට සුබ පැතුම් නොකරන අතර පරාදයට පත්වූ කිසිඳු මහජන නියෝජිතයකුටද අපගේ කණගාටුවද ප්‍රකාශ කිරීමෙන් වළකින්නෙමු.. මක්නිසාදයත් දශක 6 ක් 7ක් වැනි ඉතාමත්ම සුළු කාල පරාසයකදී තිබුණු.. තරගවලින් තේරුණු මහජන නියෝජිතයන්ගෙන් කීයෙන් කීදෙනෙක් තමන්ගේ වගකීම් යුතුකම් තමන් උපන් මව්බිමට කෙරුවාද යන්න ඒ ඒ නියෝජිතයන් තමන්ගේ හිත්වලට එකඟව හොඳින්ම දන්නා කරුණකි.. එබැවින් රටට ආදරය කරන පුරවැසියන් බලාපොරොත්තු වන්නේ මෙම වැඩමුළුවේ දේශකයන් ඒ පිළිබඳව සියලුම මහජන නියෝජිතයින්ට විශේෂයෙන් තමන්ගෙන් උපන් රටට වියයුතු යුතුකම්වලට පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් මූලිකත්වය දී අවංකව සේවය කිරීමට උපදෙස්දීම මෙන්ම තමන්ට ලැබෙන පහසුකම් පිළිබඳව නොවන බවත් යන්න පහදා දීමයි.. අවසාන වශයෙන් මෙම මහජන නියෝජිතයන්ට මෙසේද පැවසීමට කැමැත්තෙමු. "අහිංසක මහජනතාවගේ බදුමුදල් ශතයකට හෝ කෙලින්න" ක්‍රියාකිරීමෙන් අහිංසක පුරවැසියන්ගේ සාපයට ලක්වී තම ජීවිත මෙන්ම අඹුදරුවන්ද නන්නත්තාර කර ජීවිත නැති නාස්ති නොකර ගන්නා ලෙසයි.. මිනිසුන්ගේ සාපය ඉතාමත්ම ප්‍රබල බව අමතක නොකරනු.