
(මනෝප්‍රිය ගුණසේකර)
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කිංසි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝම්බර් 05 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියම කළේය.
අමාත්‍යධුරයක් ලබා සිටින තම සේවාදායකයා අභිනව කැබිනට් සැසිවාරයට සහභාගී වන බව කියමින් හින්දානන්ද අළුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කිංසි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අළුත්ගමගේ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කිංසි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අ`ථත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අළුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් අමාත්‍යධුරයක් ලබා සිටින තම සේවාදායකයා අභිනව කැබිනට් සැසිවාරයට සහභාගී වන හෙයින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වු බවත් නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර දෙමින් සාක්කි විභාගය ලබන ඔක්තෝම්බර් 05 වැනිදා තෙක් කල් තැබීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙන්වෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටළුවක් නොමැතිව නුදුරේදීම නිදොස්කොට නිදහස්විය හැකිය. කම්පා නොවන්න. හොරුන් නිදහස් කරන ලෙසට සහ රටේ සල්ලි හොරකම් කළාට ප්‍රශ්නයක් නොමැති බව ලක්ෂ 58ක ජනතාව ප්‍රකාශ කර ඇත..
ජනතාව මෙවර 2/3 ක බලයක් දුන්නේ දූෂිත දේශපාලකයින් ඉවත් කර දූෂිතයින්ගෙන් තොර නව දේශපාලනයකටයි. නමුත් රටේ අවාසනාවට තවමත් නඩු තියෙන දූෂිත හොරුන් කැබිනට් අමැතිකම් දැරීම හිතා ගන්නට පවා අපහසු කරුණකි. මේකටද වියත් මග කියන්නේ? මේකටද සෞභාග්‍යයේ දැක්ම කියන්නේ? මෙම දූෂිත දේශපාලකයින්ට නීතිය කිසි බලපෑමකින් තොරව සාධාරණව ඉතා ඉක්මණින් කල් මරන්නේ නැතිව ඉෂ්ඨ කරාවි යැයි ජනතාව ඉතා විමසිල්ලෙන් බලා සිටී. එසේ නොවුනොත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි තිබූ විශ්වාසය නැති වී රට නැවත මහා ඛේදවාචකයකට පත්වනු නියතයි...
මේ අයගේ ක්‍රියා කලාපය රටේ මහජනයා ඉහළින්ම අනුමත කර ඇති බැවින්, මෙවැනි නඩු ගැන කතා කිරීම කාලය කා දැමීමකි.
දැන් ඉතින් දේශප්‍රේමීන් නඩුවලින් නිදහස්වෙන කාලේ නේ... කල් නොගිහින් කොහොමද?
අර 68 ලක්ෂයට පුදුම සතුටක් දැනෙනවා ඇති. තවත් කෙනෙක්ව යාන්තම් බේරාගන්න ඉඩක් ලැබිලා තියෙන එකට... අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්...