
(ඩයනා උදයංගනී)
තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (19) පෙරවරුවේ පැවති අතර ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හමුවී මේ බව දැනුම් දී ඇත.
රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
එබැවින් 'විරෝධතාවල යෙදෙමින් අව්වේ වේලෙන්නේ නැතිව නිවෙස්වලට යන්නැ'යි ද ජනාධිපතිවරයා එම විරෝධතාකරුවන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ බදු සල්ලි..
ජනාධිපතිතුමනි, ඔබට බොහෝම පිං.... දරුවන් මේ තත්වයට ගන්න අම්මලා තාත්තලා කොච්චර මහන්සි ගන්නවද? ක්ෂණික පියවරක් ලෙස මේක ඉතාම හොඳයි. රටටත් යහපතක් වෙන්න මේ දරුවන්ගේ සේවය අවශ්‍යතාවය පරිදා යොදවා ගන්න. ඔබට මම කියන්නේ සෘජුවම මේ දරුවන් ගැන හොඳට හිතන්න. ඔය දේශපාලකයින්ට කැම්පස් ළමයින්ට අතවත් කියන්න දෙන්න එපා. ඒවට ඒ දරුවන් ඔබට බොහෝම අාදරය කරාවි. අවංක පරපුරක් බිහි කරන්න පුලුවන් රටේ නායකයා අවංක වුණොත් විතරයි. ඔබට වෙනස් කරන්න තව බොහෝ තැන් තියෙනවා. එක පාරටම ඒ ඔක්කොම බැහැ. ටික ටික වැඩ පටන් ගන්න. ඉදිරිය හොඳයි. කවුරුවත් කියන දේවල් කරන්න එපා. ඔබට හොඳ දැක්මක් තියෙනවා. ඒ බව අපිට පේනවා.
ලංකාව වැනි කුඩා රටක සිටින රජයේ සේවකයින් ගණන ලෝකයේ වෙන කිසිම රටක නැතුව ඇති. නමුත් රජයේ කන්තෝරුවක වැඩක් කර ගැනීමට යන මහජනයාට රස්තියාදු නොවී යමක් කරගත නොහැකිය. රජයේ රැකියා දුන්නට මදි. මේ අයගෙන් මහජනයාට සිදුවන සේවාවද කාර්යක්ෂමව සිදු කිරීමට අනිවාර්ය කළයුතුයි.
දෙන්නම් වාලේ රැකියා දෙනවාද? නැතිනම් අඩුම ගාණේ ගෙවන වැටුපවත් රටට උපයන රැකියාවන් දෙනවද? එහෙම බැරිනම් කාර්යාලවල පුටු, බංකු වැඩිකරනවාට වඩා පිං පඩියක් ගෙවන එක රටට ලාබයි..
එතන ඉන්න එක්කෙනෙක් කියනවා අවුරුදු 7ක් ගෙදර කියලා... කලා උපාධි කරන අයට තමයි ඔය ප්රශ්නය තියෙන්නේ... මේ අය ඉගෙනගත් විෂයයන් හැටියට ඕනෑතරම් රජයේ රැකියා තියෙනවද?
සිද්දවිය යුත්තේ රැකියා අවස්ථා ඇතිවන විදිහට ආර්ථිකය දියුණු කිරීමයි. දැනට සිද්ද වෙන්නේ ප්‍රශ්නයට පොඩි පැලැස්තරයක් දැමීම විතරයි.
මෙතෙක් මෙවැනි අවස්ථාවකට ජනපතිවරයෙක් ගොස් කරුණු පැහැදිලි කරනවා මොනම රජයකින්වත් දැක නැහැ. මෙච්චර කල් ලැබුනේ වතුර පාරවල්, කඳුළුගෑස් පාරවල් ආදිය තමයි. ඒත් රටේ ජනපතිවරයා ඔවුන්ගේ සිත් සැනසුවා වගේම ඔවුන්ගේ බලාපොරොත්තු එලෙසම ඉටුකරාවි යැයි සිතෙනා විට දැනෙන්නේ සතුටක්...
රජයේ රැකියා දීම රටට කරන විනාශයක්...