
(මනෝප්‍රිය ගුණසේකර)
සිය අනියම් පෙම්වතියගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ 49 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (19) මරණ දඬුවම නියම කළේය.
සිය පෙම්වතා විවාහකයකු බව දැනගැනීමෙන් අනතුරුව ඔහු සමඟ ඇති පෙම් සබඳතාවය බිඳ දැමීමට පළිගැනීම සඳහා පරණ කොට්ටාව පාර රේල් ගේට්ටුව අසළ මහ මඟදී තියුණු ආයුධයකින් ඇගේ ගෙළ තියුණු ආයුධකින් කපා ඇති බව නඩු විභාගයේදී සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි විත්තිකරුට මරණ දඬුවම පමුණවමින් විනිසුරුවරයා සඳහන් කළේය.
මීට වසර 10 කට පෙරදී මෙම අපරාධ සිදුකිරීමේ චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බුද්ධික ලසන්ත කුමාර නමැති 49 හැවරිදි දෙදරු පියෙකුයට.
2010 මාර්තු මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පරණ කොට්ටාව පාර රේල් ගේට්ටුව අසළදී නිර්මලා මානෙල් නන්දකීර්ති නමැති 27 හැවරිදි තරුණියකගේ ගෙළ කපා ඇය මරා දමන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මරණකාරිය වන නිර්මලා මානෙල් නන්දකීර්ති නමැත්තිය සමඟ විත්තිකරු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙ ගොස් ඇතැයිද ඒ අතරතුරදී විත්තිකරු විවාහකයකු බව නිර්මලා මානෙල් නමැත්තිය දැනගෙන ඇති බවත් ඉන් අනතුරුව ඇය විත්තිකරු සමඟ ඇති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමට කටයුතු කොට ඇතැයිද හෙළි විය.
ඉන් උරණ වු ඔහු ඇගෙන් පළිගැනීම සඳහා සිද්ධිය වු දිනයේදී පරණ කොට්ටාව පාර රේල් ගේට්ටුව අසළ මහ මඟදී ඇය හමුවී ඇති බවත් පසුව ඔහු සඟවාගෙන තිබු තියුණු ආයුධයකින් ඇගේ ගෙළ කපා ඇති බවත් ඇගේ ශරීරයද තැනින් තැන කපා දමා ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
ඉදිරිපත් වු සාක්කි අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පාපතරයාට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව අප ගරු අධිකරණයට අපගේ ආචාර්ය පුදකරන්නෙමු.. එසේම අවුරුදු 10ක් වැනි සුලුකාලයකින් මෙවැනි තීරණයක් ලබාදීම පිළිබඳව පුරවැසියන්ගේ සිත්තුළ ඇත්තේ කුමක්ද යන්න විමසීම වඩාත් වැදගත් නොවන්නේද?
අවුරුදු 10ක්ම සැපට ඉඳලා.. දැන් ඒ කෙල්ල මැරිලා. හොඳයි දඬුවම.... බැරි වෙලාවත් මේ වගේ එවුන් එළියට එවන්න එපා.
ඉතාමත් අහිංසකයෙකු නිසා, මොහුට සමාව දෙන්න.. මොකද ඇපීල් එකෙන් පස්සේ මෙයාට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙයි ඡන්දෙන් පස්සේ. වර්තමානයේ වෙන දේවල් බැලුවාම වෙන මොනවද?
මේ පුද්ගලයා තව වසර දෙකතුනකින් ඇප මත නිදහස් නොවේවි.. යයි ඔබට සහතික විය හැකිද? මිනීමැරුම් වලට සාධාරණ සැකයකින් තොරව වරදකරු වූවන් උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් බවට පත්වන, මිනීමරුවන්ට රටේ නායකත්වයට පවා යන්නට ඉඩකඩ සලසන නීති පද්ධතියක් පවතින රටක්නේ මේක..