
(හර්ෂණ තුෂාර සිල්වා)
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ඇතුළු පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට ආණ්ඩුව ලෙස මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (19) පැවැසීය.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව කීය. කොළඹ, නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ආණ්ඩුවක් ලෙස මෙම පරීක්ෂණවලට මැදිහත් නොවන බවත් එසේ බලාපොරොත්තු නොවන ලෙසත් අමාත්‍යවරයා කීය. ආණ්ඩුවට කළ හැක්කේ අදාළ ආයතනවලට සහාය දීමත් ඊට අදාළ පසුබිම සකසා දීම බවත් හෙතෙම කීවේය.
නීතිය හා සාමය, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ අධිකරණ පද්ධතිය යනාදී ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ආණ්ඩුවට කළ හැක්කේ එම ආයතනවලට සහයෝගය දැක්වීම සහ ඒවාට අවශ්‍ය පසුබිම සකසා දීම බවත් ඔහු කීය.
ආණ්ඩුවේ අවශ්‍යතාව ඒවාට දැනුම් දී ඇති බවත් ඒ අනුව අදාළ ආයතන ක්‍රියාකරනු ඇතැයි විශ්වාස කරන බවත් රඹුක්වැල්ල මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතයින් අලුත් නඩුවත් එක්ක ඩීල් දමපු නිසා සහ 2015ට කළින් සිදුවෙච්ච මහබැංකු වංචාවලට වලට මේ ගොල්ලන් සම්බන්ධ නිසා කොහොමත් ඕවා යටගහනවා. අනේ අපේ බදු සල්ලි...!!!
බලාගෙන හෝටල්වල ජනේල ළඟට යන්න එපා. වැටෙන්න පුළුවන්...
ඔව්, ඔව් කළගුණ සලකන්න එපෑයැ...!!!
පහුගිය ආණ්ඩුවට කළින් ආණ්ඩුවේ දූෂණ..?
මතක් වෙනවා දින 51 ආණ්ඩුව...