
(අජන්ත කුමාර අගලකඩ)
විදුලිබල පද්ධතියේ ඉකුත් 17 වැනිදා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවේ වාර්තාව සතියකින් පමණ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයට අද (19) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එදින සිදුවූ විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වූ බවද ඇමැතිවරයා දැනුම් දී ඇත.
ඉකුත් 2016 වසරේදී දිවයිනපුරා විදුලිය බිඳවැටීමෙන් අනතුරුව වසර හතරකට පසුව මෙය සිදුව ඇති බැවින් නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වහාම පියවර ගත යුතුව ඇති බවද ඇමැති අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කමිටුවලට වඩා මෙපමණ කාලයක් තිස්සේ පවතින විදුලි බලාගාර ප්‍රශ්නය විසඳුවොත් හොඳයි නේද ඇමැතිතුමෝ...? මොකද අපි හොඳටම දන්නවා උත්තරය එතැනයි තියෙන්නේ කියලා ඔය බොරු කමිටුවලට වඩා. දැන්වත් කාලය නාස්ති නොකරනු මැන...
කට්ටිය කීවේ ඩලස් ගාලා ලයිට් ගියා කියලා... ගිය ආණ්ඩු කාලේ කීවේ ඒ ආණ්ඩුවට බැහැ කියලා.. දැන් ආණ්ඩුවටත් බැහැ. මේ මාෆියාව නවත්වන්න ඉඩගත්ත ගමන් කුට්ටිය කඩාගනියි ඩලස් ගාලා...