මහමැතිවරණයට තරග කරන්නේ නැති බව සම්බන්ධන් කියයි ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් තරග නොකරන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අවධාරණය කර තිබේ. 19 December 2019
මරදාන - දෙමටගොඩ දුම්රිය පීළිපනී මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය එන්ජිමක් පීළිපැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 19 December 2019
ශිෂ්‍යත්වය සමතුන්ට පාසලක් නැත්නම් අභියාචනා කළ හැකියි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හා කඩඉම් ලකුණු මත කිසියම් ශිෂ්‍යයෙකුට පාසලක් ලැබී නොමැති නම් හෝ ලැබී ඇති පාසල වෙනස් කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා අභියාචනා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 19 December 2019
පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කරලා පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 December 2019
අතුරු වැටුපට නිර්දේශ ඉල්ලා වෘත්තිය සමිති 27 කින් නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය සකස් කළ ගුරු විදුහල්පති අතුරු වැටුප් යෝජනාව ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් කරන්නැයි වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් වෘත්තිය සමිති 27 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 19 December 2019
ගානියා සිටින වාට්ටුවේ ජංගම දුරකතන-සිම් 5ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වයි වාට්ටුවේ තිබී ජංගම දුරකතන හා සිම්පත් 5 ක් තිබී සොයාගත් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය. 19 December 2019
මාසයකට කෝටි 15 ක අතිකාල කළ හැටි සොයයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර් මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය. 19 December 2019
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිට සිරදඬුවම් හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන මහත්වරුන්ට අද (19) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කරන ලදී. 19 December 2019
‘පාඨලී බේරාගන්න හැකි උපරිමය කරනවා’ පාඨලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර අපි ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 19 December 2019
මිනී මැරීමක් කළ 5 දෙනකුට මරණ දඬුවම් රත්තොට කන්දේනුවර ප්‍රදේශයේ දි පුද්ගලයකුට පහර දි ඝාතනය කිරිමේ චෝදනාව ඇතුලු චෝදනා තුනකට වරදකරුවන් වු එම ප්‍රදේශයේම පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකුට මාතලේ මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු එස්.යු .බි කරල්ලියද්ද මහතා විසින් (18)දා මරණ දඩුවම් නියම කළේය. 19 December 2019
මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට ලේක් හවුස් ජායාරූප මාධ්‍යෙව්දී ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද ( 19) කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 19 December 2019
අගමැති රැගත් හෙලිකොප්ටරය හදිසියේ බලන්ගොඩට ගොඩබස්වයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් අද(19) පැවති මීදුම් සහිත කාලගුණ තත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීය. 19 December 2019
රාජ්‍ය ආයතන 8 කට නව සභාපතිවරු රජයේ තවත් ආයතන අටක් සඳහා සභාපතිවරු ඊයේ (18) පත්කරනු ලැබූහ. 19 December 2019
එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් 42කට ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි. 19 December 2019
ගානියා බැනිස්ටර් යළිත් මානසික රෝහලට පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් මහත්මිය අද (19) යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ඉදිරිපත් කර ඇත. 19 December 2019
ලෙඩුන් බලන්න ගිනි අව්වේ පෝලිමේ සිටි පිරිසට ජනපති අණින් පුටු රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව එම ආයතනවලට යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. 19 December 2019
මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත. 19 December 2019
සුදුවෑන් කතාවේ දෙදෙනාම වමාරති “සුදුවෑන් සිද්ධිය ගැන අනිත් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා.” යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට පැවසූ බව මේ සිද්ධියේ සැකකරුවන් ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. 19 December 2019
ලක්ෂ 5ක ඩීසල් බොරැල්ලේ රථගාලකින් සොයාගනී බොරැල්ල බස් රථගාලක අනාරක්ෂිත ලෙස වාහන තුනක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ඩීසල් තොගයක් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 19 December 2019
බදුල්ල - පස්සර මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි පවතින වැසි කාලගුණයත් සමඟ බදුල්ල-පස්සර මාර්ගයේ වේවැස්ස ප්‍රදේශයට අද (19) උදෑසන පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය පැය දෙකක් අවහිර වී තිබූ බව පස්සර පොලිසිය කියයි. 19 December 2019
ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 19 December 2019
පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය. 18 December 2019
මාධ්‍යවේදීන්ට අධිකරණයේ දොරටු වැසේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් විසින් එහි ගේට්ටු වසා දමා ඇතුළුවීමට ඉඩ නොදීම නිසා ඔවුහු අද රාත්‍රීයේ අපහසුතාවට පත්වූහ. 18 December 2019
ෆවුසි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. 18 December 2019
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් වෙයි 2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව මගින් අද (18) පස්වරුවේ නිකුත් කෙරිණි. 18 December 2019
‘තරගයට යන්න ඉල්ලූ වීසා දෙපාරක් ප්‍රතික්ෂේප වුණා‘ ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟයට සහභාගි වීමට යාම සදහා වීසා ඉල්ලා සිටි අවස්ථාවේ වීසා ලබා දීම දෙවතාවක් ප්‍රතික්ෂේප වූ බව ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරී මහත්මිය කීවාය. 18 December 2019
‘ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව මා කී කතාව නිවැරදියි‘ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මත සිදුකළ නිවැරදි ප්‍රකාශයක් යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් මහතා අද(18)පැවසීය. 18 December 2019
අපද්‍රව්‍ය කන්ටේනර් අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාමේ අතුරු නියෝගය දීර්ඝ කෙරේ කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල අඩංගු බහාලූම් ( කන්ටේනර් ) දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශ වලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන වසරේ ජනවාරි 13 දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණ නියෝග කෙරිණි. 18 December 2019
එක්නැලිගොඩ නඩුව විභාගයට ගන්න දින නියම කරයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් 9 දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 වැනිදා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියෝග කළේය. 18 December 2019
හාල් ගිනි ගණන් ඒත් කිලෝ ලක්ෂ 60 ක් ගබඩාවල සහල් කිලෝ ලක්ෂ හැටකට ආසන්න ප්‍රමාණයක් රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මධ්‍යම සහ කුඩා පරිමාන වී මෝල් ගබඩාවල ඇති බවත් ඒවා වෙළදපොළට කඩිනමින් නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකසා සහල් හිඟයට පිළියම් යොදන ලෙසත් රත්නපුර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමය රජයෙන් ඉල්ලයි. 18 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026