
(ඩයනා උදයංගනී)
මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.
මෙසේ අලෙවි කිරීමේ දී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්, ඉවතලන බෝතල් නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමත් මෙහි අරමුණ බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
2006 අංක 27 දරණ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ පනතෙහි ඇතැම් කරුණු කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි කී සභාපතිවරයා ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ආශීර්වාදයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (18) පැවති වැඩමුළුවක් අමතමිනි.

සිගරට් හා මධ්‍යසාර මත මේ වන විට පනවා තිබෙන බදු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී සභාපතිවරයා බදු මගින් ලබාගන්නා මුදල මෙන් කිහිප ගුණයක අති විශාල මුදලක් සිගරට් හා මධ්‍යසාර භාවිතයෙන් ජනතාවට ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කරන බවද කීවේය.
එමෙන්ම තනි සිගරට්ටුව අලෙවි කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමේ යෝජනාවක් 2019 වසරේදී දෙවරක්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය ඉදිරියට ගෙනයාමට නොහැකි වී ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම පනතෙහි දුම්බීමට තහනම් ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන බවත්, එයින් බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන නිසා ‘සියලුම පොදු ස්ථාන’ ලෙස වගන්තිය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කීවේය.
මෙම වචනය වෙනස් කර ගැනීම සඳහා තම අධිකාරිය වසර ගණනාවක් තිස්සේ අනවරත අරගලයක යෙදී සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම පනත අනුව දුම් රහිත දුම්කොළ හා ඒවා අඩංගු නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති නිසා දුම්කොල සහිත බුලත් විට අලෙවි කිරීම කළ නොහැකි නමුත් එම නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බව ද ඔහු කීවේය.
සබැඳි - මත්පැන් බෝතල් විසිකෝටි දොළොස් ලක්ෂයක් ඉකුත් වසරේ බීලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම්ම කළා නම් ඉවරයිනේ...
ලංකාවේ පරිසරයට ලොකුම හානිය වෙන්නේ ප්ලාස්ටික් වතුර බෝතල් වලිනුයි, ප්ලාස්ටික් කිරි පැකට් වලිනුයි..., ඒ දෙකත් තහනම් කරන්න.
ඒක තහනම් කරලා කොහොමඳ? පෝය දවසට පන්සල් යනකොට ගෙදර උන්දැ පොල්තෙල් ගෙනියන්නේ ඒකෙනේ...
කාලේ බෝතල් තහනම් කරනවා කියන වැඩමුලුව වෝටස් එ්ජ් එකේද තියෙන්නේ...?
ඔය මහත්තයාට ලොකු බෝතල් ගන්න සල්ලි තිබුණාට සල්ලි නැති මිනිස්සුත් ඉන්නවා.
හලෝ මෝඩ කතා කියන්න එපා... මත්පැන් ඈත අතීතයේ සිටම මිනිසුන් පාවිච්චි කළා. ඔබලාට මත්පැන් මේ රටේ නවත්වන්න පුළුවන්කමක් නැත. මත්පැන් තහනම් රටක් ලෝකයේ කොහේවත් නැත. එමනිසා බැරි මගුල් වලට අතනොදා අපේ අරක්කු පිටරට යවන තත්වයට පත්කර විස්කි සමග තරග කරන්න ලෝක වෙළඳපලට දමන්න කටයුතු කරන්න.
අපිට අපේ පාවිච්චියට ගෙදර පෙරාගන්න තමයි වෙන්නේ.. තේ හදාගෙන බොනවා නම් ඇයි මේක බැරි..?
බදුගහලා මත්පැන් පාවිච්චිය නවත්වන්න බැහැ හලෝ... දවසකට රුපියල් 1000ක් ගන්න කෙනා 500ක් දීලා, කාලක් ගහලා ගෙදර ගෙනියන්නේ 500 නම්... මත්පැන් කාල 750 කළොත් ඒත් 750 කාලක් ගහලා 250ක් ගෙදර ගෙනියාවි... දුක් විඳින්නේ ගෙවල් වල මිනිස්සු... එමනිසා මත්පැන් මිල අඩුකර කාලක් රුපියල් 250 දක්වා අඩුකළොත් මිනිහා කාලක් ගහලා 750ක් ගෙදර ගෙනියාවි...
හරියටම හරි.. ගහනවා නම් ගහන්න ඕනෑ නැතිබැරි එකාටමයි. මොකද අරක්කු ප්‍රමිතියකට හදන්න කියන්න වෙන්නේ ජනාධිපතිටනේ... ඒ අය යූඑන්පීයට ඇහුම්කන් දෙයිද?
කාලට අඩු මිලිලීටර් 100වගේ පොඩි බෝතලුත් විකුණන්න තියෙනවා.
හැම පාපිෂ්ඨ ක්‍රියාවකටම මුල මත්පැන් පාවිච්චි කිරීමයි. එයා කාල, බාගෙ නැති කරන්නේ නැතිව මුලිනුපුටා දැම්මොත් අනාගතයේදී හොඳ සමාජයක් බලාපොරොත්තු විය හැකියි.
කාල නොවෙයි පිටරට අරක්කු ගේන එක සම්පූර්ණයෙන් නවත්වලා විදේශ විනිමය ඉතුරු කරන්න. ඒ වගේම ඇයි කාල විතරක් තහනම් කරන්නනේ..? රෙස්ටුරන්ට්වල විකුණන ඒවා... නිකන් බොරු කරන්න එපා..
ඒකෙනුත් පොඩි මිනිහට වරඩේ දුන්නා නේද? කම්කරුවන් දවසේම මහන්සිවෙලා කාලක් ගැහුවම වැරදියිද?
ලංකාවේ තියෙන ලොකුම ප්රශ්නය කළේ බෝතලේ.. දුප්පත් මිනිහෙකුට ලාබෙට ගන්න තියෙන්නේ එච්චරයි. සල්ලි කාරයින් බ්ලූ ලේබල් බිව්වට දුප්පත් මිනිස්සු මොනවා කරන්නද? හරිනම් බාර් ලයිසන් අයින් කරලා හැම තැනම විකුණන්න නිදහස තියෙන්න ඕනේ.
ඒක හොඳයි.. 1/4 ගෘහස්ථ නිෂ්පාදනයට ඉඩදෙන්න..
ලංකාවේ තමයි ලෝකෙන්ම අරක්කු හා සිගරට් වලට මෙච්චර බදු ගහන්නේ... තවත් මදිලු... නිකන් විහිළු සපයනවා. එහෙනම් තහනම් කරන්න එපැයි... කරන්න ඕනෑ බොන අය ඒකෙන් ගලවන්න වැඩපිළිවෙලක් යෙදීමයි.
අරක්කු ඔයතරම් සඟවන්නේ නැතුව සුලබව තිබුණා නම් මේ වගේ ප්‍රශ්න නෑ. අනවශ්‍ය නීති නිසා තමා... බොන එකා අවස්ථාව ආවහම පුළුවන් තරම් බොන්න පෙළඹෙන්නේ. අනවශ්‍ය සමාජ පීඩනයක් නැතිනම් මිනිසුන්ගේ බීමේ චර්යාවන් වෙනස් වෙයි.
මේකත් හරියටම කහ ගෙන්වීම තහනම් කළා වගෙයි...
යුද්දෙට ගිය සෙබලු ගොඩක් අද නිදාගන්නෙ අරක්කු වලින්. ඒ ගැනත් ටිකක් හිතන්න වෙයි මහත්තයෝ...!!!
බාගෙ බෝතලයක් අරගෙන දෙකට බෙදලා බොන්න පුළුවන්නේ.
මේ රටේ තියන ප්රශ්නවල හැටියට දුප්පත් මිනිහා ඒක හරි බීලා හිත හදාගන්නවා. නිකන් මරු කියවන්න එපා හලෝ...