
(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා හෙට (19) දිනයේ අයකු නම් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයට රැස්ව හෙට දිනයේ දී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා යෝජනා වී ඇතැයි ද ඒ මහතා කීවේය.
පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අද (18) කොළඹ දී වැඩමුළුවක් පැවති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකු විපක්ෂයක්නේ තියෙන්නේ... 75වත් නැහැ... ආණ්ඩුව පැත්තෙන් දෙන්නෙක් ගහනවා එක්කෙනෙකුට...
ආණුඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් හැමදාම හෙට කරන්නම් තමයි...
මහත්තයෝ, මනුස්සයෙක් පත්කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.
මම යෝජනා කරනවා රනිල්ගේ පිළිමයක් පාර්ලිමේන්තු ආසනයක අඹන ලෙස. මොකද නැත්තං ඩයල් එක වෙස් වලාගෙන හරි එනවා ඕක ගන්න...