
(ඩී.කේ.රත්න)
බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ මියගිය පුද්ගලයෙකු ලඟ තිබී ගංජා කිලෝග්‍රෑම් එකක් අද (18) සොයා ගත් බව තණමල්විල පොලිසිය පැවසීය.
වේලිඔය සිට තණමල්විල දක්වා ධාවනයවෙමින් තිබූ තණමල්විල ඩිපෝවට අයත් ලංගම බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේම බස් රථය තුළදීම මියගොස් තිබෙන අතර ඔහු ලඟ තිබූ ගමන් මල්ලක් සෝදිසි කිරීමේදී මෙම ගංජා තොගය සොයා ගෙන ඇත.
තිස්සමහරාම බෙරලිහෙල කුඩාගම්මාන හතර පදිංචි අවුරුදු 44 ක පුද්ගලයෙකු මෙසේ බස් රථය තුළදීම හදිසියේම මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට තණමල්විල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව තණමල්විල පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කංසා වගාව නීතියෙන් අනුමත කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැනේ. සුද්දා තහනම් කළේ සුද්දාගේ ඕන කමට මිසක් සමාජ හානියක් නවත්වන්න නෙවෙයිනේ... අන්තිමේ ආයුරුවේදයට අවශ්‍ය ප්‍රමාණය ගන්නත් වෛද්‍ය සභාව දහදුක් විඳින්න ඕනෑ. කංසා වගාව නීතිගත කරලා ඒ ආශ්රිත ඖෂධ නිෂ්පාදනය පටන් ගත්තානම් රටට කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද?
කිලෝ 1න් පේන්නේ ජීවත්වෙන්න අර අඳින බවයි.