
(ටෝනි කරුණානායක)
අධිකරණ නියමයෙන් රැඳවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන පරීක්ෂණ කරන ‘‘හැට්ටයා‘‘ යන නමින් හඳුන්වනු හෙරොයින් ජාවාරම්කරුවාගේ අනියම් බිරින්දෑවරුන් 06 දෙනෙකු පොලිස් බාරයට ගෙන ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය අද (18) පැවසීය. මෙම කාන්තාවන් 6 දෙනා සමග රුපියල් අනූ අට ලක්ෂයක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 05 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
කැගල්ල , වීරගුල , වේයන්ගොඩ , කොරසේ , කලගෙඩිහේන සහ නිට්ටඹුව යන ප්‍රදේශ වල පදිංචි හැට්ටයා යන නමින් හඳුන්වනු ලබන එම සැකකරුගේ අනියම් බිරින්දෑවරුන් විවාහක අයවලුන් බවත් සැකකරු එම
බිරින්දෑවරුන් වෙනුවෙන් හෙරොයින් ජාවාරමෙන් ලැබෙන මුදල් වලින් ඔවුන්ට යාන වාහන සහ නිවාස අරන් දී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු වසර 10 කට ආසන්න කාලයක් හෙරොයින් ජාවාරම් කිරීමේ නිරත වෙමින් සිටි අයෙකු බවට මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුගේ බිරිඳ ඇතුළු දරුවන් දෙදෙනාගේ සහ සැකකරුගේ අනියම් බිරින්දෑවරුන්ගේ බැංකු ගිණුම් අත්හිටවීම සඳහා අධිකරණ නියෝග ලබා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම බැංකු වාර්තා ලැබුණ පසු මුදල් විශුද්ධිකරන පනත යටතේ එම බැංකු ගිණුම්වල ඇති මුදල් රාජසන්තක කිරීම සඳහා කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න පිරිසේ හැටියට දේශපාලන පක්ෂයක් වෙන්න අවශ්‍ය ගණන දැනටම තියෙනවා වගේ... ලියාපදිංචි කළානම් හරි... ඊළඟ ඡන්දෙදී කවුරුහරි සල්ලි දීලා පක්ෂය ඉල්ලගෙන හැට්ටයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුත් අරීවි...
තව අයටත් එහෙම බිරින්දෑවරු ඉන්නවා. කමක් නැහැ. මෙයාලගේ වැරැදි ක්‍රියාවන් කොහොම හරි නවත්තනවා නම් සමාජයට, අනාගත පරපුරට ලෝකයක් ඉතුරු වෙයි.
අනියම් බිරින්දෑවරුන්ගේ විවාහක ස්වාමිපුරුෂයින්ට දවල් තරු පේන්න ඇති ගෙදර ඇවිල්ලා පොලිසියෙන් පවුලව ජීප් එකේ දමාගෙන යද්දි... හැට්ටයා ඉරිදාට විතරක් නිවාඩු අරන් වගේ...
මේ වගේ එවුන් සමාජයට පිළිලයක්. අවුරුදු දහයක් කුඩු වික්කා කියන්නේ තරුණ ජීවිත කීයක් කාලකණ්ණි වෙන්න ඇතිද? ඒ කුඩු ගහපු කොල්ලන්ගේ ගෙවල්වල නෑ හිතවතුන් කොච්චර ගිනි ගොඩක් උහුලන්න ඇතිද? කොච්චර ලැජ්ජාවක්, අපවාදයක් ඒ කුඩ්ඩන්ගේ ගෙවල්වල මිනිස්සු විඳින්න ඇද්ද? මේ වගේ ජාවාරම්කාර තිරිසනුන් නැතිනම් ඒ කුඩු කාරයින් හොඳ මිනිසුන් වී ඉන්න තිබ්බා. ෂුවර් එකටම ඒ ගමේ සහ අවට ගම්වල මිනිස්සු සතුටු වෙනවා ඇති. කුඩු විකුණලා මදිවට තවත් පවුල් 6ක් කඩාකප්පල් කරලා. ඒ පවුල්වල මේ වෙනකොට කොච්චර අඬදබර ආරවුල් ඇති වෙලා ඇද්ද? බොහෝ විට කුඩා දරුවන් වුණත් ඇති ඒ මෝඩ ගෑණුන්ට. ඒ දරුවනුත් කොහෙවත් උන්නු කාලකණ්ණියෙක් නිසා දුක් විඳිනවා ඇති. මෙයාගේ සියළුම දේපල රාජසන්තක කර අවුරුදු 40කට විතර හිරේ යැවිය යුතුයි.
‘‘නමට ගැලපෙන විදිහට තමයි වැඩත්... හැට්ටයි, චීත්තයි එකතු වෙලා තියෙනවා...‘‘