
(ඩයනා උදයංගනී)
ජනප්‍රිය ගායකයකු හා සංගීත අධ්යක්ෂවරයකු වන ඉරාජ් වීරරත්න මහතාත්, නව පරපුරේ ගායිකාවක සහ නිවේදිකාවක වන ටෙහානි ඉමාරා මෙනවියත් ජාතික තරුණ සේවා සභා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්කරනු ලැබ තිබේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
මෙම පත්වීම අද (18) සිට ක්‍රියාත්මක වන වසර තුනක කාලයකට හෝ නැවත දැනුම්දෙන තුරු බලාත්මක බව පරිදි ලබා දී තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ එහි අධ්යක්ෂ මණ්ඩලයේ පැවති පුරප්පාඩු දෙකක් සඳහා අමාත්‍යවරයා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇති බවය.
එහි අධ්යක්ෂ මණ්ඩල තනතුරු ක්‍රීඩා, කලා, වෛද්‍ය ආදී විවිධ වෘත්තීන් නියෝජනය කරන්නන් විසින් හොබවන බව ද එම ප්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැලපෙන්නේ නැහැ. ඕවා දේශපාලනන පත්වීම්... මොලයක් නැහැ.
සමාජය විනාශ කරන, තරුණ මනස දූෂිත කරන, කලාව දූෂිත කරන්න අයට තරුණ සේවා සභාවේ තනතුරු දීමට තීන්දු කළේ කවුද?
ඉරාජ් ප්ලීස්, කමෝන් ගෝඨා...!!!
හරිනේ, රෙදි හෝදලා වනලා දුන්නාට... කොහොමද ලැබුණු තෑග්ග?
අන්න හරි... දැන් තමයි සින්දුව වැඩකරන්නේ... තව ටිකක් කඩේ යන්න.
කඩේ ගියාට මෙච්චරද ලැබුණේ....?
කලා ක්ෂේත්රයේ වෙන කිසිවෙක් හිටියෙම නැද්ද? මොවුන් රටේ සංස්කෘතියට කරන්න හදන බලපෑම වටහාගත ගත හැකියි. දුකයි...
අප්පච්චිව ගෙදර යැව්වා වගේ..., බාප්පොච්චිවත් ඉක්මණින්ම ගෙදර යවන්න මලේ, පුතේ...
ඒ කියන්නේ පරණ ගායකයින්ගේ අගය තවතවත් වැඩිවෙනවා... අබුද්දස්ස කාලේ...
පුදපු ගමන් කාපි යකා කිව්වලු... කවුද මේ ගායිකාව... අදමයි නම ඇහුවෙත්...
පහුගිය කාලේම මේ අය හිටියේම පිටිපස්සේමයි. ඒකට ප්‍රති උපකාර කරන එක නාමල්ගේ යුතුකමයි. එකම දේ මේ වගේ අයට ම් තනතුරු දරන්න පුළුවන්ද කියන එක...
පුවත් මවන හිස්රූකඩවලට ඇමැතිකම් ලැබුණාම ඔහොම තමයි. තව ටිකක් යමු සෙල්ලම් බලන්න පුළුවන්...
මේ ටෙහානි කියන දරුවා මේ වගේ තනතුරක් දරන්න තරම් අධ්‍යාපන සුදුසුකම් තියන කෙනෙක්ද? අපි නම් දන්නේ එයා රියලිටි තරගයකින් දිනපු දරුවෙක් කියලා. තරුණ සේවා සභාවට තරුණ අය පත් කරන්න ඕනේ. ඒත් අඩුම තරමින් අත්දැකීම් තියන අය. අපි සුබපතමු මේ දෙන්නටම මේ වැඩේ කරගන්න පුලුවන් වේවා කියලා... වෙන ඉතිං කරන්න දෙයක් නෑනේ. නාමල් ඇමතිතුමා අර ශ්‍රී ලන්කන් එකට කරපු දේ නම් කරන්න එපා.
වියත්මග කියන්නේ... වියතක්වත් මොලේ නැති අය යන මග කියලාද මේකෙන් කියන්න හදන්නේ..? බොහොම හොඳයි... හරිම ආදර්ශවත් ගමනක්... ඔහොම යන්න..
එළ එළ.., තවත් රළමත ලිස්සන්න දන්න දෙන්නෙක්...
ආයෙමත් නාමලුත් එක්ක කාන්තා විද්‍යාලවලට යන්න පටන් ගනීවි රග්බි ප්‍රමෝට් කරන්න.
සජිත්ට වඩා හොඳයි..
මේවා විද්‍යාත්මක පත්වීම් අපේ හාමුදුරුවනේ..!!! බාප්පත් ගෙදර යන්න මාර්ගය කැපීම නිල වශයෙන් අරඹා ඇත.
ආණ්ඩුවලට කඩේ යාමේ ප්‍රතිඵල... සුදුස්සාට සුදුසු තැනදීමයි විය යුත්තේ... මේ අයට තියන සුදුසුකම් මොනවාද මේ තනතුරුවලට...? අහෝ ඛේදයකි ඉරකි.. තිතකි...
හරිහමන් අය ඇත්තෙම නැතුව ඇති. මේ වගේ අයව පත්කරලා තියෙන්නේ... කඩේ ගිය විදියට නොසලකා බැරුව ඇති... හිරිකිතයි...