(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව  ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල අන් සතු නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේදී අද (18) අත්අඩංගුවට ගත්බව  පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.ජනකාන්ත මහතාට ලැබීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් සමඟ සිදුකළ රහසිගත විමර්ශනයකින් අනතුරුව සැකකරු අලුත්ගම ප්‍රදේශයේ අයෙක් බවට හඳුනා ගත්බව පොලිසිය කියයි.