පාර්ලිමේන්තු කාරක සභාවලට විශේෂඥ සහය
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා විශේෂඥයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේ දැඩි අවධානය යොමුවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය