(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අද (9) දනට යෙදී ඇත.
මේ වෙනුවෙන් නිලධාරීන් සහ සෙසු නිලයින් 1768 උසස්වීම් ලබාදී ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාපති නිශාන්ත උළුගේ තැන්න මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස්වීම ලබා දී ඇත.
මේ අතර නිලධාරීන් 84 සහ සෙසු නිලයින් 1684 සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
71 වැනි සංවස්තරය මෙවර ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්, සම්ප්‍රදායික සැමරුම් උත්සව සියලු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ආගමික උත්සවය අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගාවේ වූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය..
රට වෙනුවෙන් දිවිපිදූ නාවික හමුදා රණවිරුවන්ට ගෞරව අනුස්මරණ කිරීම කිරීමද අද දිනය තුළ සිදුකරන බවද නවික හමුදාව වැඩිදුරටත් පැවසීය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd