
(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව අද (9)සහ හෙට (10) ගාලු මුවදොර පිටියේදී නෞකා දැක්මක් සිදුකරන බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකා දැක්නමට හමුදාව සතුව ඇති විශාල නෞකා හතක්ම ප්‍රදර්ශනය කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
එම නෞකා අතර සයුර , ගජබාහු, සින්දු රළ, නන්දිමිත්‍ර,සුරනිමල,මිහිකත, රත්නදීප යන ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාවට එම නෞකා වලට ගමන් කිරීමට නොහැකිව වන අතර ..ගාලුමෝදර පිටියේ සිට ජනතාවට එම නෞකා නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බවද නාවික හමුදාව කියයි.
මෙහිදි මඟින් ප්‍රවාහනය කර වැඩිම හෙරොයින් ප්‍රමාණයක් මෑත කාලයේ අත්අඩංගුවට ගත් සයුර සහ සිදුරළ නෞකා දෙකද දැක බලා ගැනීමට මෙහිදී ජනතාවට හැකියාව ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මධ්‍යවේදීන්ට නෞකා වෙතට ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එම නෞකා වල ක්‍රියාකාරිත්වය ජනතාවට මාධ්‍ය හරහා දැකගත හැකි බවද බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ගේන්න ඩොලර් නැති වෙලාවේ සන්දර්ශන වලට තෙල් පුච්චන එක හරිද?
ඔීවා බලනවට වඩා ජනතාවට කරන්න දේවල් තියනවා.
ඒ කියන්නේ 9, 10 දෙකේ කුඩු ගෙන්වන්නට සටන් විරාමයක්...? නැව්ටික කොළඹනේ...?