( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම තමාට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ ඩී. එම්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවිණි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවීමට නියමිතය.
පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කීපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බවය.
තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමින් කියා සිටී.
දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව පාලනය කෙරුණු බවත්,දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරුම් සිදු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත්වීම් නොකළ බව කියා සිටී.
එසේ තිබියදී දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ විභාගයක් ලබා නුදුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
එබැවින් අදාළ නිර්දේශය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd