(චාපා මධුභාෂිණී)
හබරණ ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේදී පසුගිය 8 දින රාත්‍රී 8.45 පමණ භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක ගැටී කෙනරක් මරණයට පත්ව ඇතැයි කවුඩුල්ල ජාතික වනෝද්‍යානය කියයි.
දුම්රියේ ගැටීමෙන් මරණයට පත්වූ කෙකෙනර උස අඩි 8 පමණ වන අතර අවුරුදු 15-20 පමණ වන බව වනජීවීය කියයි.
අනතුර සිදු වූ අවස්ථාවේදීම ගල්ඔය දුම්රිය ස්ථානය මගින් අනතුර සම්බන්ධව කවුඩුල්ල වනජීවී කාර්යාලයට මේ බව දැනුවත් කර ඇත.
පසුව ඒම නිළදාරීන්, ගල්ඔය පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජි.ජි.සී ජයතිස්ස මහතා, ගිරිතලේ පශු වෛද්‍ය සමීර කළිගුආරච්චි මහතා ඇතුළු නිළධාරීන් ඒම ස්ථානයට ගොස් බරපතල තුවාල ලබා සිටි කෙනරට ප්‍රතිකාර කර ඇතත් අද අලුයම මරණයට පත්ව ඇත.
කවුඩුල්ල සහ මින්නේරිය ජලාශයන්හි ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් වල් අලින්ට ප්‍රවානවත් තරම් ආහාර නොමැති නිසා නිරන්තරයෙන් වල් අලි ගම් වදින බව කවුඩුල්ල උද්‍යාන ආරංචි මාර්ග කියයි.
හුරුළු ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා පැමිණෙන්නට ඇතැයි සැකකෙරන මෙම කෙනර දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙම අනතුරට මුහුණපාන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඒස්.ඒස් මලින්ද, ක්ෂේත්‍ර සහායක ඒල්.ඒ්.ඒස් ලියනගේ,වන සත්ත්ව නියාමකවරුන්වන පී.ඒන් බණ්ඩාර, ඩබ්ලිව්.ඒ් අයි.ඩී වීරවර්ධන, රියදුරු වී.ඒච්.ආර් ලක්මාල් ඇතුළු නිළධාරීහු පරික්ෂණ කටයුතු සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd