
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදි අද (09) අලුයම 1.30ට පමණය.
අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව හෝ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැකකරයි.
අනතුරෙන් තුවාල ලැබු රියදුරා මොටර් රථයේ අයිතිකරු බවත්, තුවාලකරු මිට ප්‍රථම මෙම මොටර් රථය බිමත්ව ධාවනය කිරිමේ චෝදනාව යටතේ ඉකුත් සතියේ තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු වරද පිලිගත් නිසා චුදිතට රු 25000 දඩයක් නියම කර චුදිතගේ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට නුවරඑලිය අධිකරණයෙන් නියෝග කර ඇත.
තුවාලකරු රියදුරු බලපත්‍රය නොමැතිව මොටර් රථය ධාවනය කර ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නම් මැරෙන්නම දඟලන කෙනෙක් වගේ...
අපරාදේ....ලොතරැයි දිනුම ලගටම ඇවිත් අහකට ගියා වගේ.....