හදිසිය,ඇඳිරිය,සමාජ මාධ්‍ය අවහිරයට එරෙහිව පෙත්සමක්
ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීම, ඇදිරි නිතිය පැනවීම, සහ සමාජ මාධ්‍ය ඡාලා අවහිර කිරීමට උපදෙස් දීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි නිතීඥවරයකු ඇතුළු සිව්දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.