ඡන්ද විමසීම අවසන් අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය. 20 July 2022
ඩී.වීරසිංහත් ලෙඩ ඇඳේ සිට එයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී .වීරසිංහ මහතා ද ගිලන් ඇඳේ සිටින අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය. 20 July 2022
සමන්ප්රිය හේරත් ලෙඩ ඇඳේ සිට එයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා දැඩි ලෙස ගිලන්ව හිඳින අතර පාර්ලිමේන්තුවට පැමිණ තම ඡන්දය ප්‍රකාශ කළේය. 20 July 2022
අපේක්ෂකයන් ඡන්දෙට එන විට සභා ගැබෙන් අත්පොලසන් ජනපති අපේක්ෂකයන් ඡන්දය දෙන විට මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින් තම සහාය පළ කළහ. 20 July 2022
එකක් හැර සියළු දෙනා සභාගැබේ විදේශගත වී සිටි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ද ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ. 20 July 2022
ඡන්ද විමසීම ඇරඹෙයි ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී දැන් ඇරැඹිණි. 20 July 2022
කතානායකගෙන් විශේෂ ඉල්ලීමක් රට මෙන්ම මුළු ලෝකයම ලංකා පාර්තමේන්තුවේ අද සිදුවන ක්‍රියාවලිය දෙස බලා සිටින හෙයින් ආදර්ශමත්ව හැසිරෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇරඹුමේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 20 July 2022
ජනපති තෝරන පාර්ලිමේන්තු රැස්වීම ඇරඹෙයි අටවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තු සැසිය ඇරඹිණි . 20 July 2022
පොල්දූවේ විරෝධයේදී කඳුළු ගෑස් 429ක් පැහැරගෙන පොල්දූව වටරවුම දෙසින් වූ පාර්ලිමේන්තු පිවිසුමේ ඉකුත් 13 දින රාතුියේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස් එහි පොලිසිය සතුව තිබී කදුළු ගෑස් හා කඳුළු ගෑස් බෝම්බ 429 ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි . 20 July 2022
වැස්සේ වැඩිවීමක් පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (20) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 July 2022
ජනපති තෝරන ඡන්දයට සියල්ල සුදානම් අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවැත්වේ. 20 July 2022
මැති සබයට ජංගම දුරකතන තහනම් අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනෙන ඡන්ද විමසීම පැවැත්වෙන අද (20) දින සියලුම නිලධාරීන්ට සහ සේවකයන්ට සිය ජංගම දුරකතන පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 20 July 2022
හෘද සාක්ෂියේ දස දෙනාත් ඩලස්ට නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා හෙට දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ හෘද සක්ෂියේ දසදෙනාගේ කණ්ඩායම ද තීරණය කර ඇත. 19 July 2022
රිෂාඩ්ගේ සහයත් ඩලස්ට රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත. 19 July 2022
විදුලි කප්පාදුව පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව හෙට (20) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 July 2022
ශ්‍රීලනිප සහාය ඩලස්ට ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 19 July 2022
සජබෙ අරවින්ද කුමාර් ගේ ඡන්දය රනිල්ට ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා පවසයි. 19 July 2022
දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහාය ඩලස්ට අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දීමට තීරණය කළ බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. 19 July 2022
සමාජ මාධ්‍යවලින් මන්ත්‍රීන්ට බලපෑම් කළැයි සී.අයි.ඩීයෙන් පරීක්ෂණ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (19) කරුණු වාර්තා කර ඇත. 19 July 2022
කිව්.ආර්. සංකේතයේ පරීක්ෂණයක් අනිද්දා සිට කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම පරීක්ෂාවක් ලෙස කොළඹ ස්ථාන කීපයකදී අනිද්දා (21 වැනිදා) සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 July 2022
අම්මා ළිඳට විසි කළ දැරිය පාසල් සිසුහු බේරාගනිති මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි. 19 July 2022
පාසල් ආරම්භ වීම කල් යයි රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කිරීම නැවත කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 19 July 2022
ඉන්ධන නැතිව මාතර රෝහලේ සුව සේවකයෝ වැඩ වරති ඉන්ධන නොමැති වීම හේතුවෙන් මාතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (19) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවයට පත් වූහ. 19 July 2022
කිව්.ආර්. සංකේතයට රක්ෂණය හරස් වෙයි ? බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම දිනය නියමක් නොමැතිව කල්දැමූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 July 2022
ඡන්දය ෆොටෝ කළොත් වැඩ වරදී අභිනව ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (19) පැවසීය. 19 July 2022
අන්තරේ විරෝධතාවක් කොටුවේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කළ විරෝධාවක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (19) පස්වරුවේ ආරම්භ විය. 19 July 2022
මැදිරිගිරිය ඉන්ධනහල අසල කලහකාරීන් එලවන්න අහසට වෙඩි මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන නොලැබීම නිසා කලහකාරි ලෙස හැසිරෙමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාර ඒල්ල කරද්දී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීහු අහසට වෙඩි තැබූහ. 19 July 2022
ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. 19 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026