IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිනීමැරුම් - මත්ද්‍රව්‍ය වැටලීම්වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන්න

(නිමල කොඩිතුවක්කු)

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් දෙනු ලැබීය.

සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට පුද්ගල තරාතිරම නොබලා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කළේය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ප්‍රදේශ නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (8)

මිනීමැරුම් - මත්ද්‍රව්‍ය වැටලීම්වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන්න

sharm warn Friday, 16 December 2022 05:05 PM

ලංකාව වටේම මිනීමැරුම්... ලොකු පොරක් මැරූ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න මතක් වෙලා...

:       8       22

sachith Friday, 16 December 2022 06:18 PM

ඔයාගෙ ගෙවල් තියෙන නාවල පාසල් මාවතෙයි, ගල්පොත්ත පාරෙයි තියෙන මත්ද්‍රව්‍ය ටික අත්අඩංගුවට ගත්තා නම් හොඳයි නේද?

:       0       16

sugath Friday, 16 December 2022 06:43 PM

ඒ කියන්නේ මෙච්චර කල් ඔය අපරාධවලට නීතිය ක්‍රියාත්මක වුනේ බුරුලෙන්ද?

:       4       17

Kumara Friday, 16 December 2022 09:30 PM

හාකෝ

:       0       7

හරියට බය හිතෙනවා..! Friday, 16 December 2022 10:01 PM

ලංකාවට ගිහිල්ලා සංචාරය කරලා තම රටට ආපු විදේශිකයන් කියනදේ මොකක්ද දන්නවද...??? අපි සංචාරය කරපු හැම තැනම රට මත්කුඩෙන් නැහැවිලා තියෙන්නේ... සංචාරය කරන්න හරිම බයයි.. රෑට බීච් එකට ඇවිල්ලා අහනවා 'පැකට්' ඕනිද 'කොපු' ඕනිද කියලා..! දෙකම ලාබයි කියලා..! සංචාරකයො ගෙන්න ගන්න පලකරලා දාන වෙළඳ දැන්වීම් වගේ නොවේ එයාපෝට් එකෙන් එලියට ආපු ගමන්... හරියට බය හිතෙනවා..!

:       1       10

C.K.LankaputhraSaturday, 17 December 2022 01:16 PM

මේ කාලකන්නි හැත්ත රට කාලා විතරක් නෙවෙයි, රට හප කරලා තියෙන්නේ...

:       0       2

නිහාල් Friday, 16 December 2022 11:57 PM

නීතිය තදින් ක්‍රියාත්මක කිරීම හා බුරුල්ව ක්‍රියාත්මක කිරීම කියලා දෙකක් තියනවාද?

:       0       2

Perera Saturday, 17 December 2022 05:47 AM

වෙන රටවල්වල පොලිස්පතිටයි, පොලිසියේ අනිත් අයටයි රාජකාරිය ඉටුකළ යුතු ආකාරය ඇමැති කියලා දෙන්න ඕනෑ නැහැ. ඒ අය දන්නවා රාජකාරිය එලෙසින් කරන්න. ඒකට ලංකාව... හපොයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site