IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉල්ලියාස් ජනවාරි 27 තෙක් රග්බි සභාපති ධූරයේ

(රංජන් කටුගම්පොල සහ විමුක්ති එස්. රොද්‍රිගු)

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා  සම්බන්ධයෙන් ජනවාරී මස 27 වනදා දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා රග්බි ආයතනය අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන්ව ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට යොමු කර ඇති ලිපියක් බල රහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉලියාස් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී රග්බි ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකෙරිණි.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලිණි.

එහිදී  පෙත්සම්කාර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන්නේ රග්බි ආයතනයට පමණක් බවත්ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය නම් කරනු ලැබ සිටියි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8 වනදා  ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කරන ලෙස දන්වා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බව  පෙත්සන්කරු කිා සිටියි.

එවැනි ලිපියක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බවයත් ද පෙත්සමේ සදහන් වේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ලිපිය  නීතියට පටහැනි යැයි තීන්දු කර එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

ඉල්ලියාස් ජනවාරි 27 තෙක් රග්බි සභාපති ධූරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site