IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විභාගයේ කෝටි 54ක මැෂිම සුදු අලියෙක්

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රශ්න පත්‍රවලට මනා නිමාවක් ලබාදීම, විභාග අපේක්ෂකයන්ගේ විශ්වාසනීයත්වය නංවාලීම  සහ  රහස්‍යභාවය  උපරිමයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විභාග දෙපාර්තමේන්තුව 2020 වර්ෂයේදී රුපියල් කෝටි පනස් පහක පමණ වියදමින් මිලදීගෙන තිබූ "ටර්න් කී" මුද්‍රණ යන්ත්‍රයෙන් ලොකු ප්‍රයෝජනයක් ගෙන නැතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම යන්ත්‍රයෙන් 2020 වර්ෂයේ දී මුද්‍රණය කර ඇත්තේ අපොස උසස් පෙළ  ප්‍රශ්න පත්‍ර තුන්ලක්ෂ හතළිස් හය දහස් එකසිය අසූවක් පමණක් බවද එහි දැක්වෙයි. එය සමස්ත ප්‍රශ්න පත්‍රවලින් සියයට පහක තරම් අඩු ප්‍රතිශතයක් බව  විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

එසේම එම මුද්‍රණ යන්ත්‍රයේ wrapping solution කොටස ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය අංගයක් ලෙස නම්කර නිර්දේශ කර තිබුණු නමුත්  රුපියල් කෝටියකට ආසන්න වටිනා  මෙම කොටස  මිලදී ගත් දින සිටම  කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිෂ්කාර්යව  පැවතුණු  බව  එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර විදුලිය  බිදවැටීමකදී මුද්‍රණ යන්ත්‍රය පවත්වාගෙන යෑම සඳහා  බල සැපයුම් ඒකකයක්(U.P.S) මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 70 කට ආසන්න මුදලක් අමතරව  වැය කර ඇතැයි  වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු ඇතුළත් වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ  2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.



අදහස් (2)

විභාගයේ කෝටි 54ක මැෂිම සුදු අලියෙක්

Lalla Saturday, 17 December 2022 08:25 PM

ඕවා සියල්ල පිටුපස ජරාව නමැති යක්ෂයා ඉන්නවා.ඌ ඉතාම බලවත්.

:       0       8

pakeer Sunday, 18 December 2022 09:58 AM

කරුණාකර කියන්න පුළුවන්ද මේක ගත්ත ආයතනයේ නම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site