(යොහාන් භාසුර)
කූඨ ලෙස තැනූ නෝර්වීජියානු විදෙස් ගමන් බලපත්වලින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන නැවත හරවා යැවීමට කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු අද (17) පෙරවරුවේ පියවර ගත්හ.
එම මගීන් දෙදෙනා අද අළුයම 3.30ට කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා අනුමැතිය ලබාගැනීමට පැමිණීමේ පර්යන්තයෙහි ආගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේදී රාජකාරියේ නියුතු ආගමන හා විගමන නිලධාරීන් වන එම්.එම්. එස් .එන්. ගුණසේකර සහ එම්. ඒ. හෙට්ටිආරච්චි යන නිලධාරීහු ගමන් බලපත පරීක්ෂා කරන අවස්ථාවේදී එම ගමන් බලපත් කූඨ ලෙස තැනූ ගමන්බලපත් බවට හඳුනාගත් බවක් අනතුරුව එම ගමන්බලපත් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන ආගමන හා විගමන නිලධාරී ආර්. ආර්.ජී. බී. රණසිංහ මහතා වෙත යොමු කළ බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම මගීන් සතුව ඔවුන්ගේ ඉරාන ගමන් බලපත් ආගමන හා විගමන නිලධාරීන් සොයාගත් බවක් කූඨ ලෙස තැනූ නොර්වීජියානු ගමන් බලපත් ඔවුන් තුර්කි ජාතික තැරැව්කරුවකු මාර්ගයෙන් තුර්කියේදී එක් ගමන් බලපතක් යූරෝ 10,000 ක මුදලකට ලබාගෙන ඇති බවත් මූලික විමර්ශනයවලදී අනාවරණය වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
හතළිස් වියැති එක් ඉරාන ජාතිකයකු වෘත්තියෙන් සංගීතඥයකු වන අතර අනෙක් 52 හැවිරිදි ඉරාන ජාතිකයා වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු බවත් ඉරානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඔවුන් මේ ආකාරයෙන් කූඨ ලේඛන සාදා ස්වීඩනය වෙත පැන යාමට උත්සාහ කළ බවක් හෙළිකර තිබේ.
එම ඉරාන ජාතිකයන් දෙදෙනා මූලික විමර්ශන වලින් අනතුරුව පෙරවරු 5.28ට කුවේට් රාජ්‍යය වෙත හරවා යැවූ බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යාජ ගමන් බලපත්වලින් මෙතර ආ ඉරාන ජාතිකයන් 2ක් මාට්ටු