(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් මෙම ගින්න හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ගින්න ඇතිවන අවස්ථාවේ මියගිය බිළිඳියගේ මව සහ වැඩිමහල් සහෝදරිය නිවසින් බැහැරව අසල ගොස් ඇති අතර ගෙයින් දුමක් නගිනු දැක ඒ බව මවට දැනුම්දිමෙන් පසු පැමිණ බලද්දි මාස තුනක් වයසැති බිළිඳය ඇඳමත පිළිස්සී මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ගින්න ඇති වූ නිවසේ විදුලිය විසන්ධිකර තිබූ අවස්ථාවේ අසල නිවෙසකි අනාරක්ෂිතව ඇද තිබූ විදුලියෙන් ජලය උණු කිරීම යාමේ දි මෙම ගින්න සිදුව ඇතැයි ද පොලිසිය කියයි.
ජලය උණු කිරීමට හිටරය ගසා මව නිවෙස් බැහැරට ගිය අවස්ථාවේ විදුලි හීටරයෙන් මෙසේ ගින්න ආරම්භ වී පැතිර ඇතැයි ද පොලිසිය කියයි.
දරුවාගේ පිය ද මත්ද්‍රව්‍ය චෝදනාකවට බන්ධනාගාර ගතව ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගින්දරින් ආ මරුවා මාස තුනේ බිළිඳය ඩැහැ ගනී
Perera Saturday, 17 December 2022 03:54 AM
මාස 03 බබාව ගෙදර තනියෙන් තියලා හීටරේකුත් ගහලා අම්මා ඕපදූප සවාරි ගිහින්ද කොහේද?
නිමල් Saturday, 17 December 2022 09:31 AM
හීටර දඟර අනතුරු දායකයි. ස්වයංක්‍රීයව විසන්ධි නොවන නිසා. හීටර දඟරයක් විදුලියට ගසා ඉවතට යෑම නුසුදුසුයි. මන්ද, භාජනයෙහි සියලුම ජලය වාෂ්ප වුවහොත් දඟරය උණු වී පරිපථය (short) ලුහුවත් වී ගිනි ගැනිමට හැකි නිසා...