IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට

(සුජිත් හේවාජුලිගේ)

රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු  ඇතුළු උපකරණ 31 ක මිල ගණන්  රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ  වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා කෙටි වන බවද  හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගසන්නේ මේ රටේ ඇවිදින ඇටසැකිලි බිහි කරන්නදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ජනතාව  වේලක් ඇර වේලක් කා  දැඩි පීඩාවකින්  ජීවත්වෙන අවස්ථාවක මෙලෙස අසීමිත බදු අය කිරීම අන්ත අසාධාරණ අමානුෂික තීරණයක් බවද   සඳහන් කළේය.

බදු වැඩි කිරීමෙන් මිල ගණන් ඉහළ ගොස් ඇති ආබාධිතයන්ගේ උපකරණ අතර  විදුලි රෝද පුටු සඳහා භාවිතා කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, සවන් වහල් සඳහා භාවිත කරන බැටරි, බ්‍රේල්  ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරුලියන, ඇබකස්, ඇවිදින රාමුව උපකරණය කැතීටර් යනාදීයද වෙතියි ඔහු  ප්‍රකාශ කළේය.

රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ විස්සකට වැඩි පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.

වලේබොඩ මහතා  මෙසේ පැවසුවේ කොළඹදී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (4)

ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට

Witharama Saturday, 17 December 2022 06:30 AM

ඉතින් එහෙම බදුගහන්න වුනේ ඔයාලා කියත්මගේ අය කියමින් හදපු ආණ්ඩුවේ කෙරුම් නිසා කියලා අමතකද? තමුන්නැහැලා හැමදාම කළේ රාජපක්ෂ කල්ලියට කඩේ යාමක් කියලා කියන්න පුළුවන්.. ඉතින් සුනාමියෙන් ලැබුණු දේවල් කෑමේ රසට ගිජුවූ කාලයේ සිට රස දන්න අය කළේම රට කෑම තමයි. එහෙම අය බලයට ගේන්න වලිකෑවේ අපිද? අපිත් ඉතින් වියතුන් කියාගත් තමුන්නැහැලා කියපු හැටියට කටයුතු කළා මිස දුරදිග නොබලා කටයුතු කළා. රටට මෙහෙම වෙන්න කටයුතු කරලා දැන් ඔහොම කියන තමුන්නැහැලාට ඉලපත් පහර දෙන්න තමයි වටින්නේ...

:       0       4

බද්රානි Saturday, 17 December 2022 03:07 PM

ඇත්තටම ලංකාවේ පාලකයින් කියන්නේ ලෝකෙන්ම ඉන්න තිරිසන්නු ජාතියක්. ලෝකයේ දියුණු රටවල ආබාධිතයින්ට ඒ රටවල රජයන් විසින් විවිධ දීමනා හා විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. ආබාධිතයින්ව රැකබලා ගැනීම ඔවුන්ගේ විශේෂ වගකීමක් ලෙස ඔවුන් සලකනවා. පෞද්ගලික හා රාජ්‍ය ආයතන මෙන්ම සුපිරි වෙළෙඳ සල් ඉදිරිපිට පවා ඇතුළුවීමේ දොරටුව අසලම ඔවුන්ගේ වාහන නවත්වා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා. ඔවුන් පෝලිමේ යා යුතු නැහැ. ලංකාවේ අමනයින්ට ශාප වදින්නත් ඒ රටවල ජනතාවට ආශිර්වාදයක් වෙන්නත් මේ උතුම් ගුණාංග බලපානවා. ආබාධිත අසරණයින්ට මෙලෙස අසාධාරණකම් කරනවා නම්, නුඹලාට ශාප වදිනවා..! මේ රටේ ආත්මාර්ථකාමී ජනතාව කිසිවිටෙක ආබාධිතයින් ගැන අනුකම්පා කරන්නේ නැහැ. මේ වෙනුවෙන් රජයට එරෙහිව හඩක් නගන මෙන් මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

:       0       3

Lalla Saturday, 17 December 2022 08:36 PM

එක කාලකන්නි පවුලකට රට මෙහෙම විනාශ කරන්න ඉඩදුන්නේ කවුද? අපේම මෝඩ ඡන්දදායකයෝ. තාමත් අපේම කොටසක් ඒ පවුල පස්සේම යනවා.. මොන කරුමයක් පලදීලාද?

:       0       2

sharm warn Monday, 19 December 2022 12:22 PM

තමන්ගේ විදුලි සහ සහ ජලබිල් නොගෙවන පාදඩ හොරුන්ව බලයට පත්කළ ඔබට අපේ ප්‍රණාමය... අනේ, ඊළඟ ඡන්දෙදී වත් දෙවියන් විසින් දෙනලද කුඩා මොලේ ඩිංගක් පාවිච්චි කරලා සාධාරණ මිනිස්සු පත්කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site