(සුජිත් හේවාජුලිගේ )
අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මන්ත්‍රීවරුන්, අමුත්තන්,නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන විදුලිය ජලය, පඩි නඩි සහ දීමනා යනාදිය වෙනුවෙන් මෙම මුදල් වැයවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
අයවැය විවාදය පැවැත්වුණු මුළු දින ගණන 20කි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර විවාදය පසුගිය 8 වෙනිදා දක්වා දින 13 ක් පැවැත්වුණේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පසුගිය 13 වැනිදා පැවැත්වුණු අතර ප්‍රශ්න අසන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ඇමැතිවරුන් බොහෝ දෙනකුද එදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.
එම රැස්වීම සඳහාද රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයවැය කාලයේ මැතිසබයේ වියදම කෝටි විස්සයි
Nimal Saturday, 17 December 2022 01:01 PM
ඒ ගැනත් ගෙවන්න වෙන්නේ බදු බරින් මිරිකුණු ජනතාවට තමයි.
Dilhan Saturday, 17 December 2022 02:06 PM
ඔය බරත් දරන්න වෙන්නේ අවසානයේදී බදු විදිහට සාමාන්‍ය මහජනතාවටයි...
Lanka Saturday, 17 December 2022 03:31 PM
ඔවුන් අවුරුදු 74 කතා කරලා හදපු රට බංකොළොත්...