IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන් ගමන් පාලකවරු තිස්අටක් රට හැර යති

(සුජිත් හේවාජුලිගේ)

මෙරට ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී  රට හැර ගොස් ඇතැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි.

වෙනත් රටවල   සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ  පහසුකම්  ලබාදෙන  හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බව දැනගන්නට ඇත.

මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මෙය  අද රටේ සෑම ක්ෂේත්‍රයකටම  පොදු වූ ප්‍රශ්නයක් බවයි.

ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ගුවන් නියමුවන් රැසක්ද පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි  ගුවන්තොටුපොළ  ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (11)

ගුවන් ගමන් පාලකවරු තිස්අටක් රට හැර යති

Sunil Saturday, 17 December 2022 11:10 AM

අවස්ථාව ලැබුණේ නම් ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් දුර්දාන්ත රජයක් විසින් පාලනය කරනු ලබන මේ රට මේ වන විටත් හැර ගොසින්. තුන් හෙලේ කැලැ තුළ සිංහ පැටව්... නැත උන් රට අතැර ගොසින්...

:       33       71

BamunuarachchiSunday, 18 December 2022 05:41 AM

ඔබ ඔය වක්‍රව කියන්නේ ජෙප්පෝ බලයට ආවොත් ගුවන් ගමන් පාලකවරු කියන අයට වැඩි වැටුප් වැඩි පහසුකම් ලැබෙයි කියලා නේද? ලැබෙයි බලාගෙන ඉන්න. සල්ලි පොටෝකොපි ගහල දුන්නොත් නම් ලැබෙයි. කැලෑවේ සිංහයෝ විතරක් නොවෙයි අනික් සත්තුත් ජීවත් වෙන්න ඕනේ. සිංහයෝ අනික් සියලුම සත්ත මරාගෙන කෑවොත් අන්තිමට සිංහයින්ට කන්න වෙන්නේ තණකොළ.

:       1       1

Lakmal Saturday, 17 December 2022 12:22 PM

ඒක තමයි නිමල්, අපි කියන්නේ ඔයාලා කොමිස් ගගහා ඉන්නේ නැතිව මේක කරන්යන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න. තව කියවන්නත් එනවා

:       5       74

Nimal Saturday, 17 December 2022 12:59 PM

රට හැරගිය එක දේශපාලකයෙක් කියන්න... ගිය අයත් ආපහු ආවෙනෑ. තේරෙනවද වෙනස...? මොන ආර්ථික අවපාත තිබ්බත්, ඔවුන්ට මොලෝ බලපෑමක් නෑ...

:       3       67

sam Saturday, 17 December 2022 01:27 PM

රනිල් ඇතුළු ජරාපක්ෂ නඩේට දැන් පුළුවන් ඒකත් අතයට ගානක් තියාගෙන ඔය කාටහරි විකුණලා දාන්න...

:       19       37

බද්රානි Saturday, 17 December 2022 03:21 PM

මී හරක් දක්කන්න දක්ෂ මිනිස්සු ටිකක් මේ ලංකාවේ ඉතුරු වුණොත් ඒ හොඳටම ඇති..?

:       10       29

රංජන් Saturday, 17 December 2022 03:48 PM

කුකුලා කමිටුවෙන් නිදොස් කොට නිදහස් වුණානේ. ඒ ඇති...

:       1       21

Chai Saturday, 17 December 2022 04:07 PM

කවුරු රට හැර ගියත්, දේශපාලකයින් රට හැර යන්නේ නෑ...

:       1       33

Lalla Saturday, 17 December 2022 08:27 PM

හොම්බ බිම ඇනුන නාකි පිල්ලි සෙට්එක රට පාලනය කරන තාක් ලංකාව දියුණුවට යන්න බෑ. අතහැර දමල රට යන එක එකම විසඳුම....

:       0       19

Bamunuarachchi Sunday, 18 December 2022 05:33 AM

ඕගොල්ලෝ ජීවත් වෙන ක්‍රමයට වැටුප් හදන්න බැහැ. ලැබෙන වැටුපට අනුව ජීවිතේ හදා ගන්න බැරිනම් යන්න. මොකද ඔහෙලා උපදින විටම ගුවන් ගමන් පාලකවරු හැටියට ඉපදුනේ නැහැනේද? පුහුනුවක් ලැබිලා තමයි ඔය තත්වයට ආවේ. ඒ පුහුණුව මුලික සුදුසුකම් ඇති අයට දීලා ඔවුන් පුහුණුකර සේවයට ගන්නම්.

:       3       0

අබරන් Sunday, 18 December 2022 07:25 AM

එක වතාවක් රට අත ඇරලා ගිහින් නැවතත් මව් රටට ඇවිල්ලා වැඩ කරා...පස්සේ දෙවෙනි වතාවටත් ආයෙත් රට අත ඇරලා ගියා බැරිම තැන...මොනම පක්ෂ දේශපාලනයක් නැති තැන් වල පවා දුෂණය, නාස්තිය, කම්මැලි කම පිළිකාවල් වගේ දරුණුවට තියෙනවා. සාමාන්‍ය මිනිස්සු පවා අධික ලෙස දුෂිත ක්‍රමයකට හිතන්න, වැඩ කරන්න සහ ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඇත්ත තත්වය තමයි තරුණ පරපුරත් කලින් හිටපු දුෂිත පරපුරවල් වලට දෙවෙනි නැහැ. ඒ තරමටම කුණු වෙලා තියෙන්නේ රට...ඇත්තටම රට හැදෙයිද කියලා ලොකු සැකයක් තියෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site