(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
වකුගඩු ජාවාරම් සිදුකිරීමේ චෝදනාව මත දැනට වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අත් හිටුවා ඇති මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට අයත් පෞද්ගලික රෝහලක සිටින වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් දෙදෙනා වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා බාරයට නිකුත් කර ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්න ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
අධිකරණය මෙසේ නියෝග කළේ මහචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා ගොනුකර තිබූ පෙත්සම සළකා බැලීමෙන් පසුවය.
මෙම රිට් පෙත්සම සම්බන්ධව ලබන වසරේ ජනවාරි 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියෝග කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට නොතීසි නිකුත් කළේය.
වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාව මත තමන්ට අයත් පෞද්ගලික රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම අත් හිටුවමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට නොතීසි