ලංකාවෙ හිට්ලර්ලට අවස්ථාව නෑ ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය. 24 November 2022
රුසියානු බොරතෙල් මිලට ජී7න් සීමා රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23) ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 November 2022
වැසි දෙවියෝ අදත් නිවාඩු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) දිනයේත් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2022
ලංකාව හිඟා කන රටක් කරන්න සූදානම් නෑ රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 November 2022
ජනපතිට තුන් බිය ජනාධිපති තුමාගේ හිතේ තුන්බිය ඇති වී තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2022
රුසියාව ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය. 24 November 2022
කෝටි 2340 වැය කළ බොල් ව්‍යාපෘති කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරිම සඳහා ක්‍රියාත්මක කර අසාර්ථක වු ව්‍යාපෘති වෙනුවෙන් පසුගිය වසර අටක පමණ කාලයකදී රුපියල් කෝටි 2340 ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් කියාවේ. 24 November 2022
විදුලි සේවකයන්ට තගදැමූ හිටපු ඇමති ගැන පරීක්ෂණක් කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 24 November 2022
සිරකරුවකු හා එක්ව කෝටි ගණන් ඉපැයූ ඇඟළුම් කත රිමාන්ඩ් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු සමඟ එක්වී ඊෂි කෑෂ් ක්‍රමය උපයෝගී කර සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනකට අධික මුදලක් හුවමාරු කළ බව කියන ඇඟලුම් සේවිකාවක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (23) නියෝග කළේය. 23 November 2022
වසන්තට දෙසැම්බර් 1 ඇප ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මියට අද (23) ප්‍රකාශ කළේය. 23 November 2022
සුපිරි කඩේ සේවකයා හතර අතට වෙඩි තියලා ඇමෙරිකාවේ වර්ජිනියා හි වෝල්මාර්ට් සුපිරි වෙළඳසැලේ වෙඩික්කරුවකු සිදු කළ වෙඩි තැබීමෙන් හත් දෙනෙකු මිය ගිය අතර වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු එම සුපිරි වෙළඳසැලේ සේවකයකු බව හඳුනාගෙන ඇතැයි වර්ජනියා පොලිස් ප්‍රධානි මාර්ක් සොලෙස්කි ප්‍රකාශ කළේය. 23 November 2022
විෂය නොදන්න රාලහාමිලා රාජකාරියට දාලා කොළඹ නගරය හා අවට පොලිස් කොට්ඨාස පහක රථවාහන රාජකාරි සදහා අණුයුක්ත නිලධාරීන්ගෙන් 1050 ගෙන් 855 දෙනකු රථවාහන පාඨමාලාව හදාරා නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණ අනාවණය වේ. 23 November 2022
විදුලි බිල නොගෙවූ ඇමැති විදුලි සේවකයන්ට තගක් දාලා රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි බිලට පොලු තැබූ හිටපු අමාත්‍යවරයකුගේ විජේරාම පාරේ පිහිටි නිවසේ විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකුට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයකු රාජකාරිය බාධා කළේ යැයි එම සේවකයන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. 23 November 2022
ලොව අවදානම් මුදල් අතරට රුපියල් වැටෙයි ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත. 23 November 2022
ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා පොදු දේපල පනත ප්‍රකාරව අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළාය. 23 November 2022
ඕමාන තානපති නිලධාරියා ගැන කෝපා කමිටුවෙත් කතා කරලා ඕමාන තානාපති කාර්යාලයේ වැඩ තහනමට ලක්වූ නිලධාරියාට එරෙහිව පැමිණිලි පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ප්‍රමාදවී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණය විය. 23 November 2022
සංධානයේ පක්ෂ 5ක් තිලංගට අකමැත්ත ප්‍රකාශ කරයි තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 23 November 2022
චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය. 23 November 2022
ලංකා සතොසෙන් සහානයක් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල හෙට (23) සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ. 23 November 2022
වෙලේ සුදාගේ නඩුවට දින දෙයි ගිනි අවි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කොට සිටින බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස අද (23) නියම කළේය. 23 November 2022
ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් දීම වැරදියි ව්‍යවස්ථාදායකයන් පත්වූවාට ඇමැතිවරුන් විධායකයේ දිගුවක් හෙයින් ඔවුනට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩකඩක් ලබාදීම වැරදි යැයි පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත. 23 November 2022
හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ සංඥා කම්බි කපා සොරකම් කරයි වත්තල, හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ සංඥාා කම්බි කපා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (23) පැවසීය. 23 November 2022
ඩුබායි සිට කොළඹට අතිරේක ගුවන් යානයක් එමිරේට්ස් ගුවන් සමාගම ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඩුබායි සහ කටුනායක අතර අතිරේක ගුවන් යානයක් යෙදවීමට තීරණය කර ඇති බවත් ගුවන් ප්‍රවේශපත් ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹි බවත් එමිරේට්ස් ගුවන් සමාගම පවසයි. 23 November 2022
අබිං පනත බලාත්මකවේ පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ. 23 November 2022
චීනයේ සහතිකය ගැන ලොකු බලා පොරොන්තුවක් චීනය ඉදිරියට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතික ලබා දේවී යැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 23 November 2022
මැණික් වංචා කළැයි පොලිස් චරිතයට පණ පෙවූ නළුවා සමග නිළියක් අත්අඩංගුවට ටෙලි නාට්‍ය කීපයකට පොලිස් චරිතයට පණ පෙවූ නළුවෙක් තවත් නිලියක සමග එක්ව නිල් මැණික් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. 23 November 2022
අල්ලස් කොමිසමේ ස්වාධීනත්වයක් නැහැ අල්ලස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයක් නැතැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය දෙදිනකින් අවසන් භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 23 November 2022
කිරිඇල්ලගේ පැණයට මහින්ද අතින් කිව්වේ කුමක්ද? බලය දීමේදී 13ට එහා ගිය විසඳුමක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමති දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 23 November 2022
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026