ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක් තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරන්ජන් ගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පැවසීය . 19 July 2023
ජී.එස්.පි. ප්ලස් 2027 තෙක් මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. 19 July 2023
හොඳම ආයතන අතර රන් සම්මානය අගමැති කාර්යාලයට ඉහළ කාර්ය සාධනයක් පසුගිය 2020 වර්ෂයේ සහ 2019 වර්ෂයේ පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. 19 July 2023
අධිකරණ සේවකයා නඩු භාණ්ඩ උස්සලා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රාජකාරි නිරත කාර්යාල සේවකයකු ගංජා පාර්සල් දෙකක් සොරාගෙන රැගෙන යමින් සිටිය දී අද (19) අත් අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 19 July 2023
'සල්ලි ගිලින කොන්දොස්තරලා 35 ක දිනකට වැඩ තහනම් වෙනවා' බස් රථයේ එකතු වන මුදල් නොදීම හේතුවෙන් ලංකා ගමනා මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහතුන් 35 කගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවසීය. 19 July 2023
සක්විති වරද පිළිගනී:කෝටි 10ක් ගෙවන්න පොරොන්දු වෙයි සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 50 බැගින් වු කොටස් 20කින් මුදල් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය. 19 July 2023
රැකියා අහිමි වූ අයට රැකියා සොයාදෙන්න කමිටුවක් ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත. 19 July 2023
රන් මිල වේගයෙන් ඉහළට ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 19 July 2023
පොලිසි දෙකක දඩ කොළ අතුරුදන් වෙලා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානවල රථවාහන අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොත්ක් හා ඇඹිලිපිටිය පොලිසියේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත්කර පොතක පිටු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි. 19 July 2023
අනියම් ඇසුර හෙළි වී මන්ත්‍රී ඉල්ලා අස්වෙයි සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වී තිබේ. 19 July 2023
පියා පොලිසියෙන් බේරෙන්න, දරුවා ප්‍රාණ ඇපයට ගනී පොලිසියෙන් බේරිම සදහා සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ පියකු මහත් පරිශ්‍රමයක් දරා අත් අඩංගුවටගත් බව මදුරන්කුලිය පොලිසිය කියයි. 19 July 2023
ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවක සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවක, සේවිකාවෝ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ තුළදී අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළහ. 19 July 2023
තම්බපන්නි වතුයායේ ගින්නක් :අක්කර 25 ක් විනාශයි හලාවත වැවිලි සමාගමට අයත් තබ්බපණ්නීය වතුයායෙ ඇති වු හදිසි ගිනකින් අක්කර 25ක වගාවන් විනාශ වී ඇති බව පාලනාධිකාරිය පවසයි. 19 July 2023
දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මතයි රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. 19 July 2023
’’අස්වැසුම’’ට රාජ්‍ය නිලධාරීන්ගේ උදව් අවශ්‍යයි “අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 19 July 2023
සජිත් වතු කම්කරුවාට වෙන නමක් යෝජනා කරයි වසර ගණනාවක් පුරා වතුකම්කරුවන් ලෙස හඳුන්වන උඩරට වැඩ කරන ප්‍රජාව මෙරටට විදේශ විනිමය ගෙන ඒමට විශාල වැඩකොටසක් ඉටු කළත් ඔවුන් සිටින්නේ අඩු පහසුකම් යටතේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 July 2023
කැලණි පාලමේ ඇණ කතාව බොරු කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19)පැවසීය. 19 July 2023
දුක අහන දිනයට සිරිකොතට මහ සෙනඟක් එජාප මහජන දිනය එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. 19 July 2023
අයි.එම්.එෆ්. ප්‍රගතිය වෙරිටේ රිසර්ච් කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව ජූනි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 8 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි. 19 July 2023
සූදු පොළක් වටලා කාන්තාවක් ඇතුළු 15 ක් අල්ලයි අංගොඩ දෙල්ගහවත්ත සුපිරි නිවසක ප්‍රභූන් ඇතුලු ව්‍යාපාරිකයන් සහභාගි කරවාගෙන කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය මහපරිමාණ සූදු පොළක් වටලා රුපියල් ලක්ෂයක ඔට්ටු මුදලක් සමග සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි 19 July 2023
එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකු ගේ යතුරුපැදියක් පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද (19) අලුයම හමුවූ බව දියතලාව පොලීසිය කියයි. 19 July 2023
බෝග හයකින් රට ස්වංපෝෂිත වෙයි මෙම වසරේ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2023
ජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයි පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 July 2023
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් යාපනය අච්චුවේලි පද්මනී ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති බව අච්චුවේලි පොලීසිය සදහන් කරයි 19 July 2023
නුවරඑළියට විශ්වවිද්‍යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 July 2023
ළමා රෝහලේ බාහිර රෝගී අංශය ලෙඩ වෙයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අද (19) පෙරවරු 8.00 සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. 19 July 2023
ලිට්රෝ ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයෝ සටනට ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි. 19 July 2023
පල්ලෙකැලෙන් පැන්න සිරකරු ගම්පහින් අල්ලයි පල්ලකැලේ එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි සිරකරුවෙක් ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 July 2023
වනඅලි පහරින් මිත්තනිය මරුට:මිනිපිරිය රෝහලේ මහියංගණය දෙහිගොල්ල ගම්මානයේ නිවසකට අද (19) අලුයම් කාලයේ එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම නිවෙස් ජිවත්වූ කාන්තාවක් මියගොස් ඇගේ මිනිපිරිය බපරතල තුවාල ලබා ඇතැයි මහියංගණය පොලිසිය පවසයි . 19 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026