තෙල් හොරකමේ පරීක්ෂණ කළාට ඒ.එස්.පී.ට එස්.පී බැනලා
රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරන වකවානුවේ සිය පෞද්ගලික මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමේදී රජයේ මුදල් රුපියල් 2,43,600ක මුදලක් අවභාවිතය කළ බව කියන පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් විමර්ශනය කළ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි නුවන් ප්‍රසාද් දන්තනාරායන මහතාගේ රාජකාරි ජංගම දුරකතනයට වට්ස්ඇප් මගින් තර්ජනය කර, අසභ්‍ය වචනයෙන් බැණ වැදුණැයි සහකාර පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයාට එරෙහිව කොටුව පොලීසියට පෙරේදා (17) පැමිණිල්ලක් කර ඇත.