ලක්ෂ 70 ක සොර බඩු සමඟ අයෙක් දැලේ
දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත යන පොලිස් වසම් තුළ පසුගිය කාලයක් පුරා නිවාස බිදුම් සිදුකර රුපියල් ලක්ෂ 70 කට අධික වටිනා රන්භාණ්ඩ, මුදල් , ලැප්ටොප් , විදුලි උප කරණ සොරාගත් බවට සැකකරන අධිකරණ වෙරන්තු 16 ක් ද ඇති සැකකරුවෙක් දෙහිවල මුවර් පාරේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.