කළුතර කෘතිම රාවලට වැට බඳී අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි . 16 July 2023
දළදා පෙරහරේ විදුලි බිල කලින්ම ඉල්ලයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනු නවදහස් දහයක මුදලක් (13299010) වැය වන බවට ඇස්තමේන්තු කර එම මුදල් කලින් ගෙවන ලෙස ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලයන්ට දන්වා ඇත. 16 July 2023
රුසියාවෙන් යුක්රේනයට රතු එළියක් රුසියාව සතුව යුක්රේනයට පහර දීමට ප්‍රමාණවත් තරම් පොකුරු බෝම්බ තිබෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. 16 July 2023
තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනාගනී තායිලන්තයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (16) සමත් වූවාය. 16 July 2023
ආර්ථික බංකොලොත්බව සොයන්න කමිටුවක් රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව පත් කළ කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. 16 July 2023
වංචාවක් කළැයි සිංගප්පූරු ප්‍රවාහන ඇමැති අත්අඩංගුවට දූෂණ කටයුත්තකට සම්බන්ධ වූ බව කියන සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍ය එස්.ඊශ්වරන් මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ අතර විමර්ශන අවසන් වන තෙක් ඔහු සියලු වගකීම්වලින් නිදහස් කිරිමට එරට රජය තීරණය ඇත. 16 July 2023
ඇමෙරිකාවට සුනාමි අනතුරක් අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය අසල මුහුදේ සිදු වූ ප්‍රබල භූකම්පාවක් නිසා සුනාමියක් ඇති විය හැකි බවට එරට භූවිද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කරයි 16 July 2023
ඔන් ලයින් ක්‍රමයට පාස්පෝට් අයැදුම්පත් 30,000ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හදුන්වා දුන් විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය හරහා (මාර්ගගත ක්‍රමය) ගැනීමේ ක්‍රමවේදයෙන් පසුගිය මාසයක කාලය තුළ 30,000 කට ආසන්න සංඛ්‍යාවක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 16 July 2023
චීන කොමියුනිස්ට් ලොක්කෙක් දිවයිනට චීන කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභා දේශපාලන අංශයේ සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියජුන් මහතා එළඹෙන 19 සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 16 July 2023
කළුතර දිසාවට තිබූ එකම සී.ටි. ස්කෑන් යන්ත්‍රයත් කැඩිලා කළුතර ජනතාවට තිබූ එකම සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇතයි හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 16 July 2023
කතක් ඉදිකිරීම් කරන මුවාවෙන් කෝටි ගණනක් වංචා කරලා පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 16 July 2023
නවසීලන්තයේ සාම්ප්‍රදායික උත්සවයක් බී.එම්.අයි.සී.එච් හිදි ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නැවත විවෘත කිරීම සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික අලුත් අවුරදු උදාව වෙනුවෙන් පවත්වන මටරිකි සැමරීම් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය දා පැවැත්විණ. 16 July 2023
ආගන්තුකයින් දුන් කේක් කෑ පවුලක්ම සිහිසුන්වෙයි පුත්තලම නගරයේ නිවසකට පැමිණි නාඳුනන දෙදෙනෙකු නිවැසියන්ට ලබා දුන් කේක් හා බිම ආහාරයට ගැනිමෙන් ක්ලාන්තව හා සිහිසුන්වි එකම පවුලේ පස් දෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 16 July 2023
මහනුවරදී තවත් දෙදෙනෙක්ට එන්නත විස වෙලා: එන්නත ඉවතට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනීට එන්නත් කළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේදී ලබාගත් දෙදෙනකුට ද ආසාත්මිකතා මතු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 16 July 2023
අවුරුදු හතක් හදපු ’’බයෝ ගෑස් ’’ අහසට යවලා පරිසර අමාත්‍යාංශයේ සොබාදම් පියස ගොඩනැගිලි පරිශ්‍රයේ ඉදිකෙරුණු ජල පිරිපහදු පද්ධතියෙන් ජීව වායු නිෂ්පාදනය කර භාවිතා කිරීමට අපේක්ෂා කළත් වසර හතකදී එසේ එකතු කරගෙන තිබූ ජීව වායුව කිසිදු කටයුත්තකට යොදා නොගෙන වායුගෝලයට මුදා හැර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 16 July 2023
බඹරු ඇන මවත් දරු දෙදෙනාත් රෝහලේ නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ නිවසක සිටි දරුවන් තිදෙනෙකුට , මවට සහ මාර්ගයෙ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකුට බඹරු ඇනීමෙන් බරපතල ලෙස අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි. 16 July 2023
දරුවෙක් ඩොලමයින්ට් කන්දෙන් වැටී මරුට තෙල්දෙණිය ගෝනවල දිගන ඩොලමයින්ට් වැඩබිමක ආසන්නයේ අඩි 3000ක් පමණ උස කන්දක ඉහළ සිට වැටුණු 13 හැවිරිදි දරුවකු එම ස්ථානයේදීම මියගිය බව තෙල්දෙණිය පොලිසිය කියයි. 16 July 2023
බදුල්ලේ පාසලක ගවඝාතකාගාරයක් බදුල්ල නගරයේ පිහිටි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් අද (16) වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ . 16 July 2023
ගල්කිස්ස සිට කන්කසන්තුරේට සුඛෝපභෝගි දුම්රියක් ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා සිට වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 16 July 2023
පැල් රකිද්දි වල් අලි පහරදී ගොවියෙක් මරුට දෙකකට තුවාල දිඹුලාගල බදනාගල වෙල්යායක ගොයම වල්අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට පැල් රකිමින් සිටි ගොවියන් තිදෙනකු වල් අලියකු පහරදීමෙන් එක් ගොවියකු මියගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව සිරිපුර පොලිසිය පවසයි, 16 July 2023
මන්ත්‍රී නිවහනේ හිටපු මන්ත්‍රීලා රොත්තක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාසවල පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් දහයකට ආසන්න පිරිසක්ද රැඳී සිටින බව වාර්තා වේ. 16 July 2023
තවත් සරසවි සිසුවෙක් ගෙළවැල ලා ගෙන? යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකුගේ සිරුර ඔහුගේ නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බව යාපනය පොලීසිය සදහන් කරයි 16 July 2023
නාන්න ගිහින් ළිඳේ වැටී මරුට ගාල්ල ධර්මපාල මාවතේ පුද්ගලයෙක් නිවස අසල ළිඳේ නෑමට ගොස් ළිඳේ වැටී මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 16 July 2023
පී සී සිවිල්ආරක්ෂක සමඟ ගංජා ඇදලා පොලිස් කොස්තාපල්වරයෙකු සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරියෙකු සමග යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 16 July 2023
ලබන මහ කන්නයේ තව පොහොරක් නිකං දෙයි එළැඹෙන 2023/24 මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 July 2023
ඩබ්ලිව් පී.සී ගේ නරක ඡායා අන්තර්ජාලයට දැමූ පී.සී මාට්ටු කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස්ඇප් සහ ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 16 July 2023
අද වැස්සෙ තත්ත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 July 2023
හොර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව නීති විරෝධීව දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය බව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලා එහි රඳවා පුද්ගලයින් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 15 July 2023
මුජිබර් යළි මන්ත්‍රීකම ඉල්ලයි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත. 15 July 2023
බෙහෙත් කුප්පිය, දැරිය මරා දමයි අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක් උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026