බාල බෙහෙත් ගෙන්නන විකුණන අයට වැඩ වරදියි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මඟින් ලංකාවට ගෙන ඒමට සම්බන්ධ සියළු දෙනා මෙන්ම එලෙස ගෙන්නු ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ සියළු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (13) රහස් පොලිසියට නියම කළාය.