
(ගයාන් සූරියආරච්චි )
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොම්පඤ්ඤවීදිය පොලිසියේ දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොම්පඤ්ඤ වීදියේ කුමාරරත්නම් මාවත ප්‍රදේශයේ රට බීම හලක් අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130 තිබී හමු වූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන කොස්තාපල් වරුන් දෙදෙනෙකු බවට අනාවරණය වී බව පොලිසිය පවසයි.
අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා සමග සිටි අනෙක් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි.
කොම්පඤ්ඤ වීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුණු වද, හිංසා දුන්නු නම් දරාපු අපරාධකාර පොලිසියේ ලොක්කා යහතින් ඉන්නවා.