(රංජිත් පද්මසිරි)
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාගවූ නඩුකරවලදී සහ විමර්ශනවලදී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියේය.
ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නීතිපතිවරයා දන්වා තිබිණි.ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.
ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවධානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මෙය පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.
ඩයනට විතරක් හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ
අමෙරිකාව තම රටවැසියෙක් වෙනුවෙන් කලහැකි හැම දෙයක්ම සිදුකර ඇය බේරාගෙන ආපසු අමෙරිකාවට රැගෙනයනු ඇත.
අපේ රටේ ඔහොම සද්ද කර කර නඩු දමන්න හැදුවොත් ඩයනා අම්මණ්ඩි රටින් පැනලා ගියා කියයි
දැන් නීතිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීපු උපදෙස් අනුව විමර්ශනය කරල නඩු දානකම්ම මෙතුමිය රාජ්‍ය දේපළ (රථවාහන) තවදුරටත් භාවිතා කරමින් රටේ ජනතාවට කෝචෝක් කර කර ඉඳයි. හැබැයි නඩු දාන හෝ අහන අවස්ථාවේදී ලොවෙත් නෑ...මැය විදේශගත වූ විදිහ නොදන්නා තාලෙට කව්රුත් රඟයි, හරියට අර්ජුන් මහේන්ද්‍රන් වගේ... ඊට පස්සේ පොහොට්ටු කට්ටිය කියයි, මැය සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී, ඒගොල්ලොයි වැරදි කියල. සජබ කට්ටිය කියයි, මැයට ඇමතිකමක් දුන්නෙ පොහොට්ටු කට්ටිය, ඒගොල්ලොයි වැරදි කියල. තවත් කට්ටියක් කියයි, පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිසම මන්ත්‍රී හැටියට ගැසට් ගහපු නිසා ඒගොල්ලොයි වැරදි කියල. රටේ ජනතාවට තියෙන්නෙ මේ බයිස්කෝප් එක බල බල, මේ දවස්වල ආණ්ඩුව උදේ-හවහ මතුරන "හොරු අල්ලන්නට ගෙන ආ ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක්" කියන එක ශ්‍රවණය කර කර, බඩ-කට පුරෝගන්න...
රනිල් මාමට මුකුත් කරන්න බැරි උනාද ?
අපේ රටේ ඔහොම සද්ද කර කර නඩු දමන්න හැදුවොත් ඩයනා අම්මන්ඩියෙක් ශ්‍රී ලංකාවෙන් අල්ලගන්න එක ලෝක ප්‍රශනයක් වේවි .එහෙම උනොත් ඩයනාගේ නාට්ටවත් අල්ලගන්න බැරි වේවි
දැන් ඔය රනිල් කියන මැටි බළලට බය නැතුව ඔය අම්මන්ඩි අත්අඩංගුවට ගන්නවද සී අයි ඩිය?
මේවා ලෝක විහිළු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, නීතිපති ක්‍රියාත්මක වෙන්නේ දේශපාලකයින්ගේ වුවමනාවට කියලා හොඳින් පෙනෙනවා.. ස්වාධීන අධිකරණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නීතිපති, පොලීසිය නිසි වෙලාවට නිවැරැදි කරුණු ඉදිරිපත් කළොත් පමණි. ලබන වාරේ ඡන්දෙ දෙනකොට මොහොතක් සිතා බලන්න.
අවසන් ප්‍රතිඵලය.. ඩයනාට මුකුත් වෙන්නේ නෑ. සමහර විට වන්දියකුත් දෙන්න වෙයි. එහෙව් රටක් මේක...!
ආණ්ඩුවම ලැජ්ජා විය යුතුයි. වෙන කිසිම රටක මෙසේ නොවේ...
ඩයනාගේ කෙරුවාව වගේම පැරකුම්ගේ මේ සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්භාවයත් හරිම අපූරුයි ආයිබොවන්ඩ.....
රතුපස්වල වෙඩි තියපු හමුදා සාමාජිකයන්ටටත් විරුද්ධව නඩු පැටෙව්වානෙ. උඩතලවින්න මරන වලට විරුද්ධවත් නඩු දාන්න උපදෙස් දුන්නානෙ. මහදවල් කරපු අපරාධ වලට උත්තර ගත්තේ මෙහෙම නම් උතුරේ කරපුු දේවල් ගැන කවර කතා ද. ඒවාට යුක්තිය ඉටුකර ගන්න එක ගැන කවර කතා ද