(සුරංග රාජනායක)

ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ ද‍ෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වෙලම්බොඩ පොලිසිය පවසයි.

මෙම වෙඩි වැදීම සමඟ ඇය අසල සිටි වයස අවුරුදු දොළහක් වූ ඇගේ මිණිබිරියද සුළු තුවාල ලබා තිබේ.

ගම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඇගේ දියණියගේ නිවසට ගොස් මිනිපිරිය සමඟ එලිමහනේ රැදී සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලීසිය කියයි.

මෙම වෙඩි ප්‍රහාරය කෙලෙස එල්ලවූයේද යන්න සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වීමේදී නිවසට මීටර පනහක් දුරින් පිහිටි නිවසක ඉදිරිපිට ඇති කොස් ගසක සිදුව තිබූ තුවාල හා තවත් ගසක සිදුවූ පොතු ගැලවීම් තිබීමෙන් ඒ අසල නිවැසියාගෙන් ප්‍රශ්න කිරීමේ ඒ පිළිබදව සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

එම පුද්ගලයා නිවසේ උඩුමහලේ සිට පහළට බෝර දොළහ තුවක්කුවකින් වෙඩි තැබීම නිසා මෙම අනතුර සිදුව  ඇතැයි හෙළිවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.