එජාප තනතුරුවල වෙනසක් නෑ: මධ්‍යම කමිටුව තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද (12) තීරණය කළේය. 12 October 2023
යුද්ධයේ ඇත්ත තතු හෙළි කරන වාර් තාවක් ජනපතිට ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමට සකස් කළ විශේෂ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය. 12 October 2023
කූඨ ලේඛන හදා ගෙන්වූ ඖෂධයකට සී.අයි.ඩී යට පැමිණිලි 5 ක් කූඨ ලේඛන හා ව්‍යාජ අත්සන් යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ මේවා වෙළෙඳ පොළට මුදා හැරීම නවතන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 12 October 2023
සැමට සමුදුන් ජැක්සන් සුව නින්දට ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මීට සුළු වේලාවකට පෙර රාගම ශාන්ත පාවුළුු දේවස්ථානයේදී සියලු රසික රසිකාවන්ට සමු දුන්නේය. 12 October 2023
තරුෂිට මහනුවරින් උණූසුම් පිළිගැනීමක් ලංකාවට රන් පදක්කමක් හිමිකර දෙමින් ආසියානු මලල ක්‍රීඩා තරගයෙන් ජයගත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ තරුෂි කරුණාරත්න සිසුවිය කොළඹ සිට මහනුවරට අද පැමිණියාය. 12 October 2023
මාතරට යළි ගංවතුර:ශිෂ්‍යත්ව දරුවන්ටත් පණිවිඩයක් නිල්වලා ගගේ ඉහල නිම්නයට තව දුරටත් වර්ෂාව ලැබීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගං වතුර මට්ටම යළි ඇති වීමේ අවධානමක් මතුව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය පැවසීය. 12 October 2023
දෙමෝදර පාලම බලන්න ආ යුවළ කොච්චියේ ගැටෙයි ඇල්ල දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට පැමිණි තරුණ පෙම්යුවලක් අද (12) දහවල් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 12 October 2023
කුඩු ගෙනා ඉරානුවන් දිවි ඇති තෙක් හිරේ ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව අකුරල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 09 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (12) නියම කළේය. 12 October 2023
ඊශ්‍රායලයේ ලාංකිකයන්ට සහය පතන්න දුරකථන අංකයක් ඊශ්‍රායලයේ දී විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට පිහිට පතා ඇමතීම සඳහා දුරකථන අංක සහ විද්‍යුත් තැපෑලක් විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 12 October 2023
බියගමට අලුත් පන්නයේ රෝහලක් දෙස් විදෙස් සංචාරකයන්ට නවාතැන් ගෙන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ එය රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 12 October 2023
අඹේවෙල-රේන්දපොල මාර්ගය නාය යයි අඹේවෙල- රේන්දපොල මාර්ගය කලුපාලම ප්‍රදේශය ආසන්නයේදී නායයාම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන් අද (12) සිට නවතා දැමීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය. 12 October 2023
ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා තිබේ. 12 October 2023
සටන් බිමේදී මාධ්‍යවේදියාට ආරක්ෂාව හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊශ්‍රායල මාධ්‍යවේදීහු දිවි පරදුවට තබා එම ගැටුම් වාර්තා කිරීමට යුද බිමට ගොස් සිටිති. 12 October 2023
කොටි සමයේ ආයුධ-රන් සොයා කැණීම් යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වවුනියාව, පුදියකොවිල්කුලම් හි අායුද සහ රත්‍රං සඟවා අැති බවට සැක ස්ථාන කිහිපයක කැණිම් සිදුකිරීම අද (12) වවුනියාව මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණ. 12 October 2023
කුහුඹු පැනියාට සමු දෙන්න ජනගඟක් රාගමට ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් ඔහුගේ නිවෙස වන රාගම කඩවත පාරේ නිවෙසට පැමිණෙමින් සිටිති. 12 October 2023
අම්බලන්තොට ප්‍රා: ලේ කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු අල්ලයි අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව කඩා මුදල් සොරකම් කිරිමෙ සිද්ධිය සම්බන්දයෙන් අඹු සැමි යුවළක් අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි. 12 October 2023
මත්පැන් වැරදිවලට අලුත් නීතියක් මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 October 2023
දිස්ත්‍රික්ක තුනකට කටාරයෙන් පොහොර තෑග්ගක් දිස්ත්‍රික තුනක එළවළු සහ වෙනත් බෝග වගා කරන ගොවීන්ට රුපියල් විසි දහසක් වටිනා පොහොර නොමිලේ ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය(Qatar Charity) කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 12 October 2023
අනතුරින් පසු හිමිනම ඇපේට තබා රියදුරු පලා ගිහින් පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජ දහන ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීප් රියක් හා ත්‍රී රෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රියදුරා මිය ගොස් ඇති අතර අනතුරින් පසු ජීප් රියෙ රියදුරු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටියදී පලා ගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි . 12 October 2023
ඡන්ද පොළට අලුත් ඡන්දදායකයෙක් යවන යෝජනාවක් ඡන්ද දායකයා ඡන්ද පොළට යැවිය යුත්තේ හිතේ වෛරය ඉවත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 12 October 2023
මුළු ලෝකයම අපේ අණට යටයි - හමාස් අණ දෙන නිලධාරියා කියයි ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. 12 October 2023
උඩරට මාර්ග භාවිතයේදී පරිස්සමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳුකරයේ මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කරවන ලෙස එම මාර්ග භාවිතා කරනු ලබන රියදුරන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටී. 12 October 2023
හමාස් සාමාජිකයන් හැමෝටම මරණය හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ. 12 October 2023
කෝටි තුනක උඳු රේගුව අල්ලයි රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් ඉන්දියාවේ සිට නීති විරෝධීව ආනයනය කළ උඳු මෙට්‍රික්ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවිලි අරුග්ගොඩ මහතා පැවසීය. 12 October 2023
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැයක් ඇතුළත 51 ක් මැරිලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පැයක් ඇතුළත පලස්තීන වැසියන් 51 දෙනකු මියගිය බවත්, 281 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 October 2023
අමානුෂික පහරදීම් කළේ නෑ - හමාස් කියයි ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි. 12 October 2023
සෙබළා මත් කර දේපොළ පැහැරගෙන අනුරාධපුර දුම්රිය ස්ථානයේ රැඳී සිටි නාවික සෙබළෙකුට මත්වීමට සලස්වා නින්ද ගිය පසුඑම සෙබළා පැළඳ සිටි රන් මාලයඇතුළු රුපියල්364,000වටිනා දේපොළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 12 October 2023
හිත හොඳ රාජ්‍ය සේවයක් හදන්න මාර්ගෝපදේශ මාලාවක් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 12 October 2023
කඳවුරෙන් නැති වූ ගිනි අවිය නිලධාරියගේ ගෙදරින් මතු වේ ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල නිවසින් හමු වූ බව යුද හමුදාව කියයි. 12 October 2023
මීටියාගොඩ දි STF වෙඩි පහරින් අයෙක් මරුට මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026